HSBC බැංකු සේවකයෝ වැටුප් අරගලය අරඹයි

cbeu-hsbc

2021-2023 වසර 03 සඳහා HSBC කළමනාකාරිත්වය හා සංගමය අතර පවතින සාමුහික ගිවිසුම් සාකච්ඡා අසාර්ථක වීම තුළ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වී ඇති බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එහි මූලික පියවරක් ලෙස කොළඹ නගරය පුරා පෝස්ටර් ව්‍යාපාරයක් පෙබරවාරි මස 24 වන දින ක්‍රියාත්මක කරන ලදී. එම ක්‍රියාමාර්ගය දියත් කිරීමත් සමග HSBC ගැටලුව සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් ලබාදුන්  අතර, HSBC කළමනාකාරිත්වය හා සංගමය අතර කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා) හමුවේ සාකච්ඡා වට 02 ක් පවත්වන ලදී. එම සාකච්ඡා තුළද සාධනීය විසඳුමක් ලබාදීමට HSBC කළමනාකාරිත්වය අපොහොසත් වීමත් සමග නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමට සංගමය තීරණය කර ඇත. ඒ අනුව, 2022 මාර්තු 17 වන දින සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විරෝධතාවය දැක්වීමටත්, 2022.03.21 වන දින කොළඹ නගරය ආවරණය වන පරිදි විරෝධතා පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමටත්, 2022.03.22 වන දින කෙටි පණිවුඩ මගින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමටත් කටයුතු කෙරිණි. අනතුරුව, 2022.03.25 වන දින නැවතත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විරෝධතාවයක් ක්‍රියාත්මක කළ අතර, සියලුම ශාඛා සංගම්වල සහෝදර, සහෝදරියන්ගේ හා හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුව ශාඛා සංගමයේ සාමාජිකයන්ගේ මැදිහත්වීම තුළින් එම සියලු ක්‍රියාමාර්ග අතිසාර්ථකව සිදු කෙරුණි. අනතුරුව 2022.03.28, 29 සහ 30 යන දිනයන්හිදී විරෝධතා කළු පටි පැළඳ රාජකාරියෙහි නිරතවීමේ ක්‍රියාමාර්ගයක් HSBC බැංකුවේ අප සංගමයේ සාමාජිකත්වයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.  

බැංකුව අපහසුතාවයට පත් කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් සංගමයට නොමැත. නමුත්, HSBC බැංකුවේ අප සාමාජිකත්වය සඳහා සාධාරණ වැටුප් හා දීමනා දිනාදීමේ වගකීමක් සංගමය සතුව ඇත. ඒ වෙනුවෙන් තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කළ යුතු වේ. ඒ සඳහා සංගමය කිසිවිටෙකත් පසුබට නොවනු ඇත. අවශ්‍ය ඕනෑම මොහොතක කළමනාකාරිත්වය සමග සාකච්ඡා කර, සාධාරණ එකඟතාවයකට පැමිණිමට සංගමය සුදානමින් සිටින බවද කළමනාකාරිත්වය අවබෝධ කරගත යුතුව ඇත. දිගින් දිගටම සිදුකෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුළ එක් එක් වර්ෂය සඳහා 10%, 5%, 5% ක වැටුප් වැඩිවීමක් ලබාදීමට කළමනාකාරීත්වය එකඟතාවය පළකර ඇතත් රටේ පවතින ආර්ථික තත්වය හමුවේත්, HSBC බැංකුවේ අනිකුත් සේවකයින් වෙත ලබාදී ඇති දීමනා සහ වරප්‍රසාද හමුවේත් එම ප්‍රතිශතයන් පිළිබඳව සෑහීමකට පත්වීමට අපට නොහැකි බව පෙන්වාදිය යුතුව ඇත. ඒ අනූව දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සංගමය තීන්දු කර ඇත.  

ඉතිහාසය තුළ HSBC කළමනාකාරිත්වය අප සාමාජිකත්වය වෙත මර්දනය මුදාහැරීමට කටයුතු කළ ආකාරය අපට අමතක නැත. ඒ සියලු මර්දනයන් පරාජය කරමින් ඉතිහාසය තුළද HSBC සාමාජිකත්වය සංගමයේ ක්‍රියාමාර්ග සඳහා අභීතව සටන් වැදුනෙමු. හෙට දවසේද ්‍යීඊක්‍ සාමුහික ගිවිසුම ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සංගමය විසින් ගන්නාවූ සියලු ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීම වෙනුවෙන් එළඹෙන ඕනෑම අභියෝගයක් ඉදිරියේ නොපැකිලව සටන් කිරීමට එක්සත්ව පෙළ ගැසෙන ලෙස ්‍යීඊක්‍ සාමාජිකත්වයට සහෝදරත්වයෙන් ආරාධනා කරමු.

  • ලෝකයේ ප්‍රමුඛතම බ්‍රිතාන්‍ය බැංකුවට ලංකාවේ සේවකයන්ගේ වැටුප ප්‍රමුඛ නැද්ද?
  • 2021-2023 ගිවිසුම් කාලයෙන් අවුරුද්දක් ඉවරයි
  • මිලියන ගණනින් ඉහළ නිලධාරින් බෝනස් බෙදා ගනී
  • සාකච්ඡා වට 17 ක් කල්මැරුවේ ඇයි ?
  • වැඩ Global පඩි Local විය යුතුද?