‘අසීමිත අන්තර්ජාල සේවා පහසුකම්’ දෙන බව කියන සමාගම් ගැන ITSSL වෙතින් ජනතාවට රතු එළියක්

‘අසීමිත අන්තර්ජාල සේවා පහසුකම්’ දෙන බව කියන සමාගම් ගැන ITSSL වෙතින් ජනතාවට රතු එළියක්

නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් අසීමිත අන්තර්ජාල භාවිතයක් සදහා ශ්‍රී ලංකාව සතු ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන අවධියක අන්තර්ජාල සේවා සපයන සමාගම් කිහිපයක් විසින් අසීමිත අන්තර්ජාල පැකේජයන් කිහිපයක් ශ්‍රී ලාංකික ජනතාව වෙත මේ වනවිට එළිදක්වා ඇති බවත් එම මාෆියාවට හසු නොවන ලෙස තම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ,

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් හදුන්වා දී ඇති මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් බොහොමයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිහරණය සදහා පමණක් ඉලක්ක කරගනිමින් නිර්මාණය වූ පැකේජයන් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හදුනාගන්නා අතර විශේෂයෙන්ම මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් මේවන විට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි දෝෂදර්ශනයටද ලක්වෙමින් පවතී.

අසීමිත අන්තර්ජාල පැකේජයන් කියා තම මාෆියාව තරකරගැනීමට කටයුතු කරන අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පළකරමු.