වට්සැප් සම්බන්ධයෙන් ජනතාව අනිසි ලෙස බිය වීමට අවශ්‍ය නැහැ – ITSSL

වට්සැප් සම්බන්ධයෙන් ජනතාව අනිසි ලෙස බිය වීමට අවශ්‍ය නැහැ – ITSSL

වට්සැප් සම්බන්ධයෙන් ජනතාව අනිසි ලෙස බිය වීමට අවශ්‍ය නැතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි. එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ.

ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් පරිශීලකයන්ට ලැබෙන වට්සැප් පණිවිඩයක් සම්බන්ධයෙන් ඊයේ (15) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. මෙම නිවේදනය සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නිළ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් බොහෝමයක් කරුණු විමසා ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සිදුකල අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් වට්සැප් පරිශීලකයන් අනිසි බියක් ඇතිකරගත යුතු නැති බවත් තම වට්සැප් ගිණුමේ ආරක්ෂාව වැඩිකර ගැනීම සඳහා දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 Factor Authentication ක්‍රියාත්මක කිරීම සිදු කළහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වට්සැප් පරිශීලකයන්ට පෙන්වා දෙමු. තවද නිළ වට්සැප් යෙදුමට පරිබාහිරව නිර්මාණය කර ඇති තෙවන පාර්ශවීය වට්සැප් යෙදුම් භාවිතා කිරීමට යොමු නොවන ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාව දැනුවත් කරමු.