දැනට පවතින තත්ත්වය මත කොවිඩ් – 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා 2020.11.02 (අද) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වන ලදී.
ඒ අනුව පෞද්ගලික රෝහල් වල තිබෙන පරීක්ෂණාගාර වල සිදු කෙරෙන,
යන ප්‍රධාන කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි.ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනය යටතේ මෙම P.C.R. පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පෞද්ගලික රෝහල් කළමණකාරිත්වය සිය එකගතාවය පළ කළේය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් – 19 මර්දන වැඩපිළිවෙලේදී P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකරගැනීමට පෞද්ගලික රෝහල් තුළින් ලබාදෙන මෙම සේවාව රජයක් ලෙස ඉතා අගය කරන බවයි.
වැඩබිම
