මැතිවරණ රජකාරි ගෙවීම් ගුරු විදුහල්පතිවරුන්ට තවම ගෙවා නෑ

මැතිවරණ රජකාරි ගෙවීම් ගුරු විදුහල්පතිවරුන්ට තවම ගෙවා නෑ

2020 පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරිවල නිරත ගුරු-විදුහල්පතිවරුන්ට ගෙවීම් කර නොමැති බව ලංකා ගුරු සංගමය නිවේදනයක්කනිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදරටත් සඳහන් වන්නේ,

2020 පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු 05 දින පැවතිය ද මැතිවරණ රාජකාරිවල නිරත ගුරු සහ විදුහල්පතිවරු පිරිසකට අදාළ ගෙවීම් මේ දක්වා සිදු කර නැත. විශේෂයෙන්ම කොළඹ, කැලණිය ඇතුළු අධ්‍යාපන කලාප ගණනාවකට අයත් පාසල්වල මැතිවරණ රාජකාරිවල නිරත ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට මෙලෙස අදාළ දීමනා තවමත් ලබාදී නැති අතර මැතිවරණ කොමිසම හා කලාප අධ්‍යාපන කාර්යාල එකිනෙකාට වරද පටවමින් සිටින තත්වයක් උද්ගත වී ඇත.

මැතිවරණය පවත්වා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු තෝරාගෙන පාර්ලිමේන්තුව රැුස්වී පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යන තත්වය තුළ කෝවිඞ් 19 අවදානම තුළ පවා රාජකාරි ඉටු කළ මෙම නිලධාරීන්ට අදාළ මැතිවරණ රාජකාරි දීමනා ලබා නොදී කලාප අධ්‍යාපන කාර්යාල හා මැතිවරණ කොමිසම කල්මැරීම බරපතල කනගාටුදායක තත්වයකි.

මෙම තත්වය තුළ මෙම නිලධාරීන්ට අදාළ දීමනා කඩිනමින් ලබාදීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

වැඩබිම