අත්‍යවශ්‍ය මොහොතේ PCR පරීක්ෂණ නවතා දැමීම අර්බුදයේ ආරම්භයයි

අත්‍යවශ්‍ය මොහොතේ PCR පරීක්ෂණ නවතා දැමීම අර්බුදයේ ආරම්භයයි

විධිමත් අහඹු පරීක්ෂණ ක්‍රියාවලියකින් තොරව රට තුළ වසංගතය පැතිර යාමේ ප්‍රවණතාවය පිළිබඳව තීරණය කිරීමට නොහැක.

මාස ගණනාවක් තිස්සේ PCR පරීක්ෂණ සිදු නොකරමින් හා ප්‍රභේද පරීක්ෂණ සිදු කිරීමට අත්‍යවශය යන්ත්‍ර ලබා නොදුන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රභේද පිළිබඳව සිදු කරන්නේ අඳුරේ අතපත ගෑමක්.

රට තුළ රෝගය ව්‍යාප්තව ඇති ආකාරය පිළිබඳව විද්‍යාත්මක දත්ත ලබා ගැනීමට නොහැකිව ඇත්තේ, මාර්තු මාසේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය PCR පරීක්ෂණ සිදු කිරීම අතහැර දැමූ නිසයි. අද දවසේ රෝග ව්‍යාප්තියට අදාළ හේතුව අප්‍රේල් මුල සෞඛ්‍ය අමාත්‍යාංශය ගනුලැබූ වැරදි තීරණ මිස අද ඊයේ ප්‍රවනතවයක් නොවේ.

සංචරණ සීමා නොපැනවීමටසෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඊයේ ගණු ලැබූ තීරණයෙහි ප්‍රතිඵලද, රටට ලැබෙන්නේ තවත් මසකින් පමණ මිස හෙට හෝ අනිද්දා නොවේ. එබැවින් සංචාරණ සීමා නො පවත්වමින්, කොරෝනා පාළණයට නිර්දේශ ලබාදුන් පාර්ශවය පිළිබදව සටහන් කර තබා ගන්නා ලෙසත්, එම වැරදි තීරණයෙහි ප්‍රතිඵල නිකුත් වන දිනය ට අපි ඒ ගැන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙමු.

අහඹු පරීක්ෂණ සිදු කිරීමට ලංගම බස් රථ දහයක් ලබා දෙන ලෙස මීට මාස අටකට පෙර අප විසින් සිදුකරන ලද යෝජනාව පිළිබඳව නැවත කියවා බලන ලෙස සෞඛ්‍යය බලධාරීන්ගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලමු.

වැරදි තීරණ හේතුවෙන් හෝ නැවත නැවත ව්‍යාප්තවීමට ඉඩ හැර ඇති කොරොනාව පාලනය කිරීම සඳහා ඇහුම්කන් දෙමින් තීරණ ගන්නා ප්‍රතිපත්තියකට එළඹෙන ලෙසත්, විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියකට අදාළ වන පරිදි අහඹු පරීක්ෂණ අක්‍රිය පරීක්ෂණ සහ සක්‍රිය පරීක්ෂණ ක්‍රියාවලිය දියත් කිරීමටත්, PCR පරික්ෂණ රසායනාගාර සහ අහඹු පරීක්ෂණ පවත්වා ගැනීමට අවශ්‍ය ය කළමනාකරණය කිරීමට රසායනාගාර සේවාව දන්නා අයට ඉඩ ලබාදෙන ලෙසත්, ප්‍රභේද හදුනා ගැනීමට අත්‍යවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේශක යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර වලට ලබා දෙන ලෙස ඉල්ලා අප විසින් ඉදිරිපත් කරණු ලැබූ යෝජනා දැන් හෝ කියවා බලන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

රවී කුමුදේශ්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය