PCR මාෆියාවට රාසායනාගාර සේවා ප්‍රධානියා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වග කිව යුතුයි

PCR මාෆියාවට රාසායනාගාර සේවා ප්‍රධානියා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වග කිව යුතුයි

ලංකාවේ ඕනෑම තැනකකට ගොස්, ඉතා කෙටිකාලයකින් PCR පරීක්ෂණ වාර්ථා ලබා දිය හැකි ජංගම වෛද්‍ය රසායනාගාර 5ක්, පරිත්‍යාග ලෙස ලැබී තිබියදී මාස 5ක් තිස්සේ ඒ පිළිබද තීරණයක් නොගැනීම, PCR ප්‍රතික්‍රීයක මගින් ලාබ ලබමින් සිටින තැරව් කරුවන්ගේ වුමණාවට අනූව සිදු වන්නක්.

ජනාධිපතිවරයා මැයි මාසයේදි අනුමත කරන ලද රැපිඩ් PCR යන්ත්‍ර තවම ලැබී නැත. මාස 5ක් තිස්සේ ටෙන්ඩර මණ්ඩල තීරණය ප්‍රමාද කරමින්, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති යන්ත්‍රයක් ගෙන්වීමට දෑරූ උත්සාහය ව්‍යර්ත වුවහොත්, අදාල ටෙන්ඩරය අවලංගු කිරීමට සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කරමින් සිටින බවට සැකයක් මතුවී ඇත.

කටුනායක් ජාත්‍යතර ගුවන්තොටුපල තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් අති නවීන අනුක රසායනාගාරයක් සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අයත් ජාත්‍යතර තලයේ රසායනාගාරයක් පිහිටුවා තිබියදී, ගුවන් මගීන්ගේ කිසිදු නිදරශකයක් එම රසායනාගාරයට යොමුකර නැත.

ඒ අතර වාරයේදී, ගුවන් මගීන් නිරෝධායනයේ නාමයෙන් ගසා කෑමකට ලක්ව ඇත්තේ PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව නොමැති නිසා බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා, රටට ඉතා සාවද්‍ය ප්‍රකාශ කිරීම අප තරයේ හෙලා දකිමු.

පෞද්ගලික රසායනාගාර වල අනියම් වෘත්තිකයින් ලෙස ක්‍රියා කරමින් සිටින ඊනියා විශේෂඥයින් කිහිප දෙනෙකු සමග පමණක් සාක්ච්චා කරමි ගනු ලබන වැරදි තීරණ අරක්ෂා කිරීම වෙනුවට, අවම වශයෙන් රසායනාගාර සේවාවේ සියළු පාර්ශවකරුවන් එකම එක සාක්ච්චාවකට හෝ කැදව, නිවැරදි තොරතුරු පිළිබදව දැනුවත් වන ලෙස අපි සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් ඉල්ලා සිටිමු.

රවී කුමුදේශ්
සභාපති
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය