රට සිට එන අයට PCR නොකළොත් යලිත් කොවිඩ් අවදානමක් -වෛද්‍ය විශේෂඥයින් අනතුරු හඟවයි

රට සිට එන අයට  PCR නොකළොත් යලිත් කොවිඩ් අවදානමක් -වෛද්‍ය විශේෂඥයින් අනතුරු හඟවයි
විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් PCR පරීක්ෂණවලට ලක් නොකිරීමෙන් රට තුළ නැවතත් භයානක කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු හඟවා තිබේ.
 
මෙරටට පැමිණෙන සංචාරකයින් විදේශ රටකින් එන්නත් ලබාගෙන සහ PCR පරීක්ෂණවලට ලක්ව ඇත්නම් ඔවුන් කිසිදු කොවිඩ් පරීක්ෂාවකට ලක් නොකර කටුනායක ගුවන් තොටුපළින් නිදහස් කිරීමට සෞඛ්‍ය අමාතංශයේ නවතම මාර්ගෝපදේශයේ ඇතුළත්ව තිබෙන අතර එම හේතුවෙන් රට යලිත් වරක් අවදානමක පවතින බවයි වෛද්‍ය විශේෂඥයින්  සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත්තේ.
 
එමෙන්ම මෙම විශේෂඥයින් පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක් වන්නේ ඇතැම් සංචාරකයින් PCR පරීක්ෂණ ලෙස සකස් කළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රට තුළට ඒමේ අවදානමක් මෙමගින් ඇති විය හැකි බවද එමගින් නැවතත් කොවිඩ් රැල්ලක් හටගත හැකි බවයි.
 

එවැනි අවස්ථාවක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.