වෙනදේ බලන්න සීත කාමර වලින් එලියට එන්න - PHI සංගමය කියයි

වෙනදේ බලන්න සීත කාමර වලින් එලියට එන්න - PHI සංගමය කියයි

‘‘ඇත්තටම ඊයේ දිනයේ නව සංචරණ සීමා පැනවීමක් නෑ. ඒ නිසා අපි මින් ඉදිරියට රට තුළ සංචරණ සීමා පැනවීම හෝ එවැනි තීරණ ගන්න රජයට බලකරන්නේ නෑ. අපි රටවැසියන්ගෙන් ආයාචනා කරන්නේ නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන නිවෙස්වලට වී සිටින්න කියලයි‘‘

මේ කාරුණික ආයාචනය කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතායි.

වත්මන් කොවිඩ් වසංගතයේ සැබෑ තත්ත්වය මනාව දන්නා එම සංගමය අද (14) විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ලබන සඳුදා සිට අපි මේ රට ස්වයං විනයක් ඇතුව ස්වයං සංචරණ සීමා පනවාගෙන මේ රටෙන් මේ රෝගය තුරන් කිරීම සඳහා වගකීමෙන් කටයුතු කිරීමට එක්වන ලෙසයි.

උපුල් රෝහණ මහතා මෙසේ ද ප්‍රකාශ කළා.

‘‘දින කිහිපයක් දෛනිකව රෝගීන් 3,000 ඉක්මවලා වාර්තා වෙනවා. මරණ 150 ඉක්මවලා වාර්තා වෙනවා. ඉදිරි දින කිහිපයේදී මේ තත්ත්වය ඉතාම ඉහළ යයි. ඇත්තටම ඊයේ දිනයේ නව සංචරණ සීමා පැනවීමක් නෑ. ඒ නිසා අපි මින් ඉදිරියට රට තුළ සංචරණ සීමා පැනවීම හෝ එවැනි තීරණ ගන්න රජයට බලකරන්නේ නෑ. අපි රටවැසියන්ගෙන් ආයාචනා කරන්නේ නිවෙස්වලට අවශ්‍ය බඩු බාහිරාදිය රැස්කරගෙන නිවෙස්වලට වී සිටින්න කියලයි. ලබන සඳුදා දිනයේ සිට අපි මේ රට ස්වයං විනයක් ඇතුව ස්වයං සංචරණ සීමා පනවාගෙන මේ රටෙන් මේ රෝගය තුරන් කිරීම සඳහා වගකීමෙන් කටයුතු කරමු. බලධරීන්ට කියන්නේ සීත කාමරවලින් එළියට ඇවිත් මියයන මිනිස්සු සහ රෝගීවන අය නිසා දුක්වෙන මිනිස්සු ගැන අවබෝධයෙන් ඉදිරියට තීරණ ගන්නවා නම් රට ලස්සන වෙයි කියලා.”