මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංකේත වැඩවර්ජනය නිසා මහජනතාවට වන අපහසුතාවයේ වගකීම මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කරන ලද දැනුවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අදාල සෞඛ්‍ය බලධාරීන් බාර ගත යුතු බව අවධාරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත් ලිපියක් යවමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය දැනුම්දී ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ගරු සභාපතිගේ අත්සනින් යුතුව ඔබ තුමන් වෙත යොමුකළ 2023.10.06 දිනැති අංක PHIU/GEN/PRE/2023/131 දරණ “වර්තමාන ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්‍ෂව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පරිවර්තිත ගම්න් වියදම් ඉහල දැමීම” යන මාතෘකාවෙන් යුතු ලිපිය සහ 2023.10.16 දිනැති අංක PHIU/GEN/PRE/2023/136 දරණ “අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රැකියා විස්තරයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැනුම් දීම යන මාතෘකාවෙන් යුක්ත ලිපි කෙරෙහි කාරුණික අවධානය යොමු කරවමි. එකී ලිපිවලින් අවධාරණය කල කරුණු සහ දිගින් දිගටම සාකච්ඡා කල පහත ගැටලුවලට පිළිගත හැකි සාධනීය විසඳුම් මේ දක්වා නොලැබීම ඉතාම කනගාටුදායකය.
පුවොක්ත ලිපිවල දන්වා ඇති පරිදිම ඉහත ගැටලුවලට සාධනීය විසඳුම් ලබානොදීමට අදාලව විරෝධය දක්වමින් දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් 2023.10.23 දින සංකේත වැඩවර්ජනයක නිරතවීමට අප සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ විධායක සභාව තීරණය කර ඇති බව සිහිපත් කරවමි.
එසේම මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය තුළද තෝරාගත් සෞඛ්‍ය ආයතන (වරාය / ගුවන් තොටුපළ /ලේ බැංකුව/අපේක්ෂා රෝහල /ළමා රෝහල /වකුගඩු ඒකකය හා පුහුණු කටයුතු) අත්‍යවශ්‍ය හා ජීවිත ආරක්ෂක සේවා පවත්වා ගැනීම සඳහා පමණක් ස්වේච්ඡාවෙන් සේවා සිදු කරනු ලබන බවත් දන්වමි.
එසේම මේ සංකේත වැඩවර්ජනය නිසා මහජනතාවට වන අපහසුතාවයේ වගකීම මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කරන ලද දැනුවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අදාල සෞඛ්‍ය බලධාරීන් බාර ගත යුතු බවත් අවධාරණය කරමි
