අපි කිසියෙකු අපේක්ෂා නොකළ දේ දැන් අපේ ඇස් පනාපිට සිදුවෙමින් තිබෙනවා. කොවිඩ් වසංගතයේ ආරම්භ රැල්ලේ දී ඉතාලියේ, ස්පාඤ්ඤයේ මළ සිරුරු ගැන අපිට කිසිම සංවේදීකමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට අපි කළේ ඒ රටවලට සමච්චල් කරමින්, ඒ රටවල රැකියාව කළ අපේම උන්ට ගරහන එක.
ඊට පස්සේ ඇමෙරිකාව… බ්‍රසීලය ආවා. අපි ඒත් ඒ ගැන සංවේදී වුණේ නැහැ. අපේ ප්‍රතිශක්තිකරණය, ක්‍රම ගැන පම්පෝරි ගැසුවා.
ඊට පස්සේ අපේ අසල්වැසියා ඉන්දියාව. අපි කළ කී දේ අපි කවුරුත් දන්නවා. ඉන්දියාව ‘විසාලාව‘ ලෙස හදුන්වන්න අපි කවුරුත් කැමැති වුණා.
දැන් පිළිගන්න අකමැති වුණත් අපේ වාරය පැමිණ තිබෙනවා. දවසකට 100ක් පමණ මිය යමින් තිබෙනවා. රෝහල් පද්ධති පිරී ඉතිරි ගිහින්. මරණ බිය දැනෙමින් තිබෙනවා.
මේ අති සංවේදී ඡායාරූප දෙස බලන්න තරම් ධෛර්යයක් ඔබට තිබේ නම් ඔබ ඇත්තටම වෙනස් මිනිසෙක් වෙනවාට සැකයක් නැහැ. අනෙකාට ආදරය කරන, තමනුත් කවදා හරි මැරෙන බව දන්න මිනිසෙක් වෙනවාට සැකයක් නැහැ.
පහත දැක්වෙන ඡායාරූප පසුගිය දිනවල කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂ විද්‍යා ආයතනය වෙත ගෙන එන ලද මළ සිරුරු. ඒවායේ කොවිඩ් ආසාදිතයින්ගේ ද යන්න ගැනයි මේ සොයා බලන්නේ. මේ අතර ඔබේ මගේ ඥාතියා, මිතුරා … අස්වැසියා වගේම කිසිම දාක නොදන්න නොහදුනන අයත් සිටිය හැකියි. ඒත් මේ ඡායාරූප අපට කියා දෙන පාඩම නම් කිසිමදාක අමතක කළ නොහැකියි .
අගෝස්තු 08 වැනි දින ඩේලි මිරර් වෙබ් අඩවියට කිත්සිරි ද මෙල් විසින් ගත් සංවේදී ඡායාරූප පෙළක්