කොරෝනා රෝගීන් ගැන දැනුම් දෙන්න නව දුරකතන අංක

කොරෝනා රෝගීන් ගැන දැනුම් දෙන්න නව දුරකතන අංක
කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරීමේ දී ඔවුන්ට ඇති වන ගැටලු විසදීම සදහා නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම පුද්ගලයන්ට 19යි 99 හෝ 0117 966 366  යන දුරකථන අංක අවශ්‍ය සහය ලබාගැනීමට හැකියි. 
 

මේ අතර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් තවදුරටත් ඉහල යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආසාදිතයින් ගණන අඩු කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවයි.