මධ්‍යම පළාත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය (PHOTO)

mlt-protest

සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍ය වරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබානොදීම හේතුවෙන් (09) දින අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් මහනුවරදී තම විරෝධතාවය පවත්වනු ලැබීය.

පෙරවරු 7.00ට මධ්‍යම පළාතේ සියළුම රෝහල් වල ක්‍රියාත්මක මෙම වර්ජනය සදහා ඉල්ලීම් 7ක් මූලික වී ඇති අතර, රණුක්ගේ කමිටු වාර්තාව වහා ක්‍රියාත්මක කිරීම, උපාධිධාරී සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන්ට ඇතිකර තිබෙන බරපතල වැටුප් විෂමතාවය ඉවත් කිරීම, සෞඛ්‍ය සේවාව සමාගම්වල ණය කාරයින් කරමින්, කොමිස් සදහා අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කරමින්, මහජන සේවාවන් ක්‍රමාණුකූලව අඩාල කිරීමට එරෙහිව මෙම අරගලය දියත් කර තිබේ.

මෙම අරගලයේ මීලග පියවර ලෙස ලබන 15 සහ 16 දෙදින තුල පිළිවෙලින් ඌව සහ නැගෙනහිර පළාත් රෝහල් වර්ජනයක්ද, අවසානයේදී අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකටද අවතීර්ණ වීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසයි.

එහි ආරම්භක පියවර ලෙස (08) දින වයඹ පළාතේ පවතින සියළු රෝහල් සහ සෞඛ්‍ය අයතනවල පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාල සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්ථා නොකරමින්, කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වනු ලැබීය.

mlt health 12

mlt health 13

mlt health 9

mlt health 8

mlt health 7

mlt health 2

mlt health 6