ප්‍රොටෙක්ට් සංගමයෙන් C189 සහ C190 පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් !

ප්‍රොටෙක්ට් සංගමයෙන් C189 සහ C190 පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් !

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන  හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිදින 16හි ගෝලීය ව්‍යාපාරයට සමගාමීව, ප්‍රොටෙක්ට් සංගමය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන මාධ්‍යවේදීන්දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (දෙසැ 09)  හැටන් 'ලා ඇඩම්ස්' හෝටලයේ දී පවත්වන ලදි.

 ඒ සඳහා මාධ්‍ය ආයතන 16කට අදාළ මාධ්‍යවේදීන් ‍රැසක් සහභාගි වූ අතර  ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කළ ගෘහස්ථ සේවකයන්ට ශිෂ්ට රැකියාවක් උරුම කර දීමේ සම්මුතිය වන C189ත්, වැඩ ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදු වන සියලු ම ආකාරයේ හිංසනයන්ටසහ ප්‍රචණ්ඩත්වයට මුලිනුපුටා දැමීම සඳහා වන C190 සම්මුතියත් ශ්‍රී ලංකාව තුළ අපරානුමත කරගැනීමත් සහ ඊට අදාළව සිදු කරමින් පවතින ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන් දැනුවත් කරන ලදි. එහිදී ගෘහස්ථ කම්කරුවන්ට යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීම සඳහා දැනට පවතින කම්කරු නීති විය යුතු ආකාරය පිළිබඳවද දැනුවත් කරන ලදී. 

 ඒ සඳහා සහභාගි වූ මාධ්‍යවේදීහු ද සිය අදහස් ප්‍රකාශ කළ අතර  සංගමයේ ඉදිරි වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සඳහා සිය ආයතන වල මාධ්‍ය ආවරණය ලබා දීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළහ.

 මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව ප්‍රොටෙක්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග විසින් පැවැත්වූ අතර වැඩසටහන අවසානයේ මාධ්‍ය හමුවක්ද පවත්වන ලදී. 

1

2

3

22--