ඌව පළාත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය (PHOTO)

mlt-badulla

සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍ය වරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹූ සංඛේත වර්ජනය ඊයේ (15) දින ඌව පළාත මුල් කරමින් දියත් කරන ලදි.

එහි ආරම්භක පියවර ලෙස පසුගිය (08) දා වයඹ පළාතේ පවතින සියළු රෝහල් සහ සෞඛ්‍ය අයතනවල පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාල සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්ථා නොකරමින්, ආරම්භ කළ මෙම විරෝධතාවය ඊයේ බදුල්ල නගරයේදී පවත්වනු ලැබීය.

මේ අතර, පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය විසින් නැගෙනහිර පළාතේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද (16) සේවයෙන් ඉවත්වී මඩකලපුව ශික්ෂණ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්න බව එම සන්ධානය පවසයි. 

mlt badulla

mlt badulla 2

mlt badulla 4

mlt badulla 5

mlt badulla 6

mlt badulla 3