සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍ය වරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹූ සංඛේත වර්ජනය ඊයේ (23) දින සබරගමුව පළාත මුල් කරමින් දියත් කරන ලදි.
එහි ආරම්භක පියවර ලෙස පසුගිය (08) දා වයඹ පළාතේ පවතින සියළු රෝහල් සහ සෞඛ්‍ය අයතනවල පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්ට අදාල සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්ථා නොකරමින්, ආරම්භ කළ මෙම විරෝධතාවය ඊයේ රත්නපුර නගරයේදී පවත්වනු ලැබීය.
මේ අතර, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලයේ ප්‍රධාන ඉල්ලීම් වනුයේ
- පරීපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ උපාධිධාරී වැටුප් විෂමතාවය ඉවත් කිරීම
- සමාන්තර සේවා සමග පවතින වැටුප් විෂමතාවය ඉවත් කල රනුක්ගේ වැටුප් කමිටු නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම
- වෛද්‍ය සේවාවේ ඒකාධිකාරියට ලක්ව ඇති සෞඛ්‍ය පරිපාළණය සදහා පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය නිළධාරීන් සදහා අවස්ථාව සලසා දීම.
- පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල, ගජ මිතුරන්ගේ ගසා කෑම සදහා ස්ථාපිත කර ඇති තාක්ෂණික ඇගයිම් මාෆියාව වැලැක්වීම සදහා විධිමත් කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.
- දීමනා විෂමතාවය ඉවත් කිරීම
- අමාත්‍ය මණ්ඩලයඅනුමත කල මාණ්ඩලික සේවා තත්වය, සහ 5/7 උසස්වීම් ක්‍රමය සදහා වහා චක්‍රලේඛ නිකුත් කිරීම
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 මගින් ඇතිකර ඇති සේවා වර්ගීකරණය, උසස් වීම් ක්‍රමය, ඇතුලු අසාධාරණය වැඩවසම් ප්‍රතිපත්තිය ඉවත් කොට නව වැටුප් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම