වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්වලට සහ ප්රජාතන්ත්රවාදී නිදහසට බරපතළ තර්ජනයක් එල්ල කරන රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCA) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව ලෙස අපි අඛණ්ඩව විරෝධය පළ කළෙමු.
එමෙන්ම, දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු මර්දනකාරී නීති අහෝසි කරන ලෙස ද අපි රජයට බලපෑම් කළෙමු.
අප ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් ගෙන ගිය විරෝධතා සහ බලපෑම් හමුවේ රජයේ ස්ථාවරයේ යම් වෙනසක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා විසින් ද මෙම පනත් කෙටුම්පත් මහජන සාකච්ඡාවට යොමු කර, යම් සංශෝධන සහිතව නැවත ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, අපගේ විරෝධයේ පදනම පවතින්නේ මෙම පනත් කෙටුම්පත්වල ඇතැම් වගන්තිවල පමණක් නොව, ඒවායේ සමස්ත අන්තර්ගතය සහ ක්‍රියාත්මක කිරීම තුළින් ඇතිවිය හැකි මර්දනකාරී බලපෑම තුළය.
ඒ අනුව, අපගේ මූලික විරෝධයට හේතු වූ කරුණු කිහිපයක් මෙසේය.
මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී, පනත් කෙටුම්පත්වල වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමෙන් පමණක් අප මතු කරන මූලික ගැටලුව විසෙඳන්නේ නැත. සංශෝධන සහිතව හෝ මෙම පනත් නැවත ඉදිරිපත් කිරීම, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්, වෘත්තීය සමිති නිදහස සහ මහජන අරගල මර්දනය කිරීමට භාවිත කළ හැකි නීතිමය පසුබිමක් තවදුරටත් පවත්වාගෙන යාමක් ලෙස අපි දකිමු.
එසේම, රට තුළ යුදමය තත්ත්වයක් හෝ නිශ්චිත ත්‍රස්තවාදී තර්ජනයක් නොමැති පසුබිමකත්, ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැනටමත් පවතින තත්ත්වයකත්, මෙවැනි පුළුල් මර්දනකාරී බලතල සහිත නව නීති හඳුන්වාදීමේ අවශ්‍යතාවක් අපි නොදකිමු.
එබැවින්, අපගේ මූලික ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු නොවන බව අවධාරණය කරමු.
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්, වෘත්තීය සමිති නිදහස සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට තර්ජනයක් වන මෙම පනත් කෙටුම්පත් සංශෝධනය කර නැවත ඉදිරිපත් කිරීම නොව, ඒවා සම්පූර්ණයෙන්ම හකුලා ගැනීම අපගේ අඛණ්ඩ ඉල්ලීමයි.
එබැවින්, මෙම ජනතා විරෝධී හා මර්දනකාරී පනත් කෙටුම්පත් මුළුමනින්ම හකුලා ගන්නා තුරු අපගේ විරෝධතා සහ ඒ සඳහා වන සාමූහික ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව දැඩිව අවධාරණය කරමු.
ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව
