ශ්‍රී ලංකා දැඩි සත්කාර හෙද නිලධාරීන්ගේ සංගමය (Sri Lanka Intensive Care Nurses’ Association – SLICNA) විසින් මූලිකත්වය ගෙන සංවිධානය කරනු ලබන “SUWA SANCHARAYA 2026” ලෝක දියවැඩියා දිනයට සමගාමී සෞඛ්‍ය දැනුවත් කිරීමේ පාගමන සහ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් නොවැම්බර් 14 දින පැවැත්වීඹට කටයුතු යොදා ඇත.
මෙම ජාතික මට්ටමේ සමාජ සත්කාරක වැඩසටහන ශ්‍රී ලංකා දැඩි සත්කාර හෙද නිලධාරීන්ගේ සංගමය (SLICNA), මහරගම මහනගර සභාව, CFC Health Care Pharmacy Network සහ Lanka Hospitals යන ආයතනවල ඒකාබද්ධ සංවිධානත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.
2026 නොවැම්බර් මස 14 වන සෙනසුරාදා ලෝක දියවැඩියා දිනයට සමගාමීව එදින පෙරවරු 8.30ට කොට්ටාව බස් නැවතුම්පොළ අසලින් ආරම්භ වන කිලෝමීටර් 7කට ආසන්න පාගමන හයිලෙවල් මාර්ගය ඔස්සේ නාවින්න CFC Health Care Mega Pharmacy පරිශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්, රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජිතයන්, විවිධ සංවිධාන සහ මහජනතාව ඇතුළුව 300 කට අධික පිරිසක් සහභාගී වන අතර, මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මට්ටමේ සහ ප්‍රාදේශීය දේශපාලන නායකත්වයන් නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලබයි.
පාගමනට සමගාමීව නාවින්න CFC Health Care Mega Pharmacy පරිශ්‍රයේදී මහජනතාව සඳහා පුළුල් නොමිලේ වෛද්‍ය සායනයක් සහ සෞඛ්‍ය පරීක්ෂණ වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.
මෙම වෛද්‍ය සායනය හුදෙක් සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂණයකට සීමා නොවී, විවිධ සෞඛ්‍ය අවශ්‍යතා ආවරණය වන පරිදි පුළුල් සේවාවන් රැසකින් සමන්විත වේ.
ඒ යටතේ,
ඇතුළු පුළුල් සෞඛ්‍ය සේවාවන් සහ මහජන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම පාගමන සඳහා සියළු දෙනාට ආරාධනා කරන අතර, නොමිලේ වෛද්‍ය පරික්ෂණ සිදුකර ගැනීම සඳහා සියලුදෙනාටම ශ්‍රී ලංකා දැඩි සත්කාර හෙද නිලධාරීන්ගේ සංගමය ආරාධනා කර සිටී.
