සන්නද්ධ හමුදා කැඳවීමට ජනපති විශේෂ ආඥාවක් නිකුත් කරයි (VIDEO)

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (22) දින දැනුම් දුන්නේය.       

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

(22) දින පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අරම්භකරමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.