“විරෝධතා“ හමුදාව යොදා මර්ධනය කරන බව ජනාධිපතිවරයා පවසයි (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව වෙනස් කිරීම සදහා යළිත් තවත් අරගලයකට ඉඩ නොතබන බවත්,  අරගලයක් ආරම්භ කළහොත් හමුදාව හා හදිසි නීතිය පනවා එය නතර කරන බව ඊයේ (23) දින පාර්ලිමේන්තුවේදී සිය කතාවේදී අවධාරණය කරන ලදි. .

"අරගලයක් තව ඇති කරනවා ලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ආවොත් කරන්න දෙන්නේ නැහැ. ඩීන්ඩියම්ලට තැනක් නැහැ මේ රටේ."

පොලීසියෙන් ලබාගත් බලපත්‍රයක් සහිතව විරෝධතා දක්වන්නන්ට තමන්ගෙන් බාධාවක් නොමැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා. .

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පහත විඩීයෝවෙන් බලන්න.