ආණ්ඩුව රටම ක්‍රිබ් එකට යවලා, දැන් රටේ මිනිස්සුන්වත් ක්‍රිබ් එකට දාන්න යනවා - රවී කුමුදේස් (VIDEO)

අත්තනෝමතිකව බැංකු පොලී වැඩි කිරීම සහ බදු ගැසීම නතර නොකොලොත්, දැවැන්ත අරගලයක් කරන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ රවි කුමුදේස් මහතා පවසා සිටියා.

ඔහු ඒ බව පැවසූවේ අද (06) දින මුදල් අමාත්‍යංශ වෙත ලිපියක් බාරදීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින්, ගෙවන්න බැරි බදු සහ පොලී ගෙවන නීති හකුලා නොගත්තොත් සියළු ගෙවීම් සාමූහිකව පැහැර හරිනවා. පුළුවන්නම් අපි හැමෝවම ක්‍රිබ් එකට දාන්න. ක්‍රිබ් එකට දාපු රටක ඉන්න අපිට ඊට වඩා වෙන්න දෙයක් නෑ.අපි අද මෙතනට ආවේ රාජ්‍ය සේවකයෝ විදිහට. අපේම මුදල් අමාත්‍යාංශය එක්ක සාකච්ඡා  කරන්න. ජනාධිපතිතුමාට බයයි කියලා අපිට වඩා පොලිසිය ඇවිල්ලා, වතුර බවුසර් ගෙනල්ලා අපිව බය කරන්න හදනවා. මේකද ලිච්ඡවී පාලනය. අපිට අපේ ප්‍රශ්ණයක් ගැන අපේ අමාත්‍යාංශයක් එක්ක සාකච්චා කරන්න බැරි තරමට අපේ රටේ නායකයා බය වෙන්නේ මොකටද? රවී කුමුදේස් මහතා පවසා සිටියා.

මෙහිදී දැඩි පොලිස් බාධා කිරීම් මැද දහ දෙනකුට පමණක් අමාත්‍යංශය වෙත යාමට අවසර ලබාදීමට කටයුතු කරනු ලැබීය

(විඩියෝ නිව්ස් ෆස්ට්)