ජනතා පරමාධිපත්‍ය බලාලොරොත්තු මත කටයුතු කරන්න - MCPA

ජනතා පරමාධිපත්‍ය බලාලොරොත්තු මත කටයුතු කරන්න - MCPA

ජනාධිපතිවරයා හා අගමැතිවරයා හැකි ඉක්මනින් ඉල්ලා අස්වී භාරකාර ජනාධිපතිවරයකු යටතේ පාර්ලිමේන්තුව ස්ථාපිත කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් මිලියන ගණනක අපෙක්ෂාව බවට පත්ව ඇත්තේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ මොහොතේ ඉල්ලා අස්වී හැකි ඉක්මනින් භාරකාර ජනාධිපතිවරයකු යටතේ පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමයි. සමාජ, සෞඛ්‍ය , අධ්‍යාපන ආදි සියලු අංශ මෙම අවස්ථාවකදී දරැණු කඩාවැටීමකට ලක්ව ඇති මොහොතක තවදුරටත් දේශපාලන සූදු කෙළි වලට ඉඩ තැබීම මෙරට ලක්ෂ දෙසිය විස්සක් මිනිස්සුන්ගේ ජීවිත දැනගෙනම අනතුරේ හෙලීමක් බව අපි විශ්වාස කරමු.

එබැවින් පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරනු ලැබූ අන්දමට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා ශ්‍රී කතානායකවරයා භාරකාර ගැන අධිපතිවරයා බවට පත්වී ඉන් පසුව පාර්ලිමේන්තු කැඳවා ව්‍යවස්ථාපිත නියමයන්ට ප්‍රකාරව පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමත් හැකි ඉක්මනින් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා භාරකාර රජයක් පත් කිරීම හරහා ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් ඉෂ්ට කිරීම සඳහා අවධානය යොමු කිරීමත් ඉතා වැදගත්ය.

මහජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ද මේ රටේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටින අදාළ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම ප්‍රමාද වන සෑම තත්පරයක් පාසාම සමාජය දරුණු පරිහානියකට සහ අනතුරකට ලක් වන අතර එය ශ්‍රී ලංකාව තුළ දැනට පවතින සමාජ ආර්ථික දේශපාලන අධ්‍යාපන හා සෞඛ්‍ය විෂය පථයන් පවතින ගැටලු තවත් උත්සන්න කිරීමට සෘජු හේතුවක් බවට පත්වේ.

මේ අනුව තවදුරටත් කම හද කිරීම වෙනුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය ජනතා පරමාධිපත්‍යය බලාපොරොත්තු වලට අනුව කටයුතු කිරීමට කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ අවධානය වහා යොමු විය යුතු බව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අපි අවධාරණය කොට සිටිමු.