මම මලක් වෙලා දොරට වැඩුම

මම මලක් වෙලා දොරට වැඩුම

ඊ. එම්. ඩී. උපාලිගේ ගී පබැඳුම් 30 ක්, ආනන්ද ගමගේ සංගීතවේදියාණන්ගේ මියැසි මුසුවෙන්, දිවයිනේ ජනකාන්ත ගායනවේදීන්ගේ මියුරු ස්වරයෙන් ගීතාවලියකට පෙරළී, "මම මලක් වෙලා" යන නමින් 2023 පෙබරවාරි 22 (බදාදා) සවස 5.00 ට කොළඹ විශ්ව විද්‍යාලයීය නව කලාගාරයේදී (NAT) ගී පොතක් හා සංගත තැටි සඟලක් සේ ජනගතකිරීම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් එළි දැක්වේ.

කොළඹ විශ්ව විද්‍යාලයීය කලා මණ්ඩලය හා විද්‍යාර්ථීන්ගේ සංවිධානය ඒකාබද්ධව ඉදිරිපත් කරනු ලබන මෙම ජනගතකිරීමේ උත්සවය උපකුලපති මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න මහතා⁣ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

"සේනක දේවාදිත්‍ය" නම් වූ කල්පිත චරිතයක අතීත ආවර්ජනයක් වෙසින් මියැසි ආඛ්‍යානයක් සේ දිගහැ⁣රෙන මෙම ප්‍රසංගය දෘශ්‍ය රූප හා මුසුව ඩිජිටල් තිරය මත ප්‍රක්ෂේපණය කෙරෙනු ඇත.

මෙම අවස්ථාව සැමට විවෘත අතර සවස 5.00 ට ඇරඹීමට සැලසුම් කර ඇති බැවින්,සවස 4.45 වන විට පැමිණ අසුන් ගන්නා ලෙස සංවිධායක මඩුල්ල ඉල්ලා සිටී.