ඔබතුමිය කල මෙහෙය අප ගමට මෙන් රටට - හෝඩි පොත අකුරු මදි ගළපලා ලියන්නට

ඔබතුමිය කල මෙහෙය අප ගමට මෙන් රටට - හෝඩි පොත අකුරු මදි ගළපලා ලියන්නට

මව් කුසට පැමිණි දා සිටම

අම්මා මෙන් ඔබ ද

මා ලොවට බිහිවණු දකින්නට

ඇඟිල් ගැන්නා මතකද...

පෝෂණය, රැකවරණය මෙන්ම ගුණ ඔසු

දුන්නේ අප හට හරිම ආදරෙන් ඔබ

දෑස් මානෙන් ඉවත නොදමා ම

යහවදන් දිදී හැදුවා මතකද අප...

යන්න පුතුනේ හරි මගේ හැමදාම

මිනිසුන් නොමිනිසුන් හරි ලෙස හැඳිනගෙන

වැටුනොතින් යලි යලිත් නැගිටින්න දිරිය ගෙන

කී වදන සවිය වුණි ජීවිතය ජය ගන්න...

ඔබතුමිය කල මෙහෙය අප ගමට මෙන් රටට

හෝඩි පොත අකුරු මදි ගළපලා ලියන්නට

මවුණි යයි නොකිවත් දෙවැණි මව් ඔබ අතරට

සැවොම ඒක්වී පතන්නෙමු, චිරං ජයතු ! ඔබට...

(“කාන්ති චන්ද්‍රලතා හරසර ප්‍රණාම උළෙල“ දින වස්කඩුව සමගිපුර ප්‍රජා භූමියේදී 2023 මැයි මස 21 ඉරුදින)