මමයි වින්නඹු අම්මා දුක සතුට ලඟ හිනැහුන...

මමයි වින්නඹු අම්මා දුක සතුට ලඟ හිනැහුන...

නුඹ කුසට ආ වගක්

දැන ගත්ත දා මමත්

දන්නෙ නෑ කවුරුවත්

මම හොරෙන් හැඬූ වග

 

සොම්නසින් -  එක හිතින්

කිරි සුවඳ සොයා නුඹ

පපුතුරේ හඬන විට

දන්නෙ නෑ කවුරුවත්

මම හොරෙන් හැඬූ වග

 

දොම්නසින් - නෙත් වසන්

වැටි වැටී නැගිටිද්දි

සුරතලෙන් මුමුණද්දි

දන්නෙ නෑ කවුරුවත්

මගෙ පපුව නිවුන වග

 

දැක නුඹේ අනාගතය

කටු කොහොල් මැද වුවත්

හමුවෙමුද හෙට උදෙත්

මමයි වින්නඹු අම්මා

දුක සතුට ලඟ හිනැහුණ...

 

| නන්දිකා ගමගේ

(අදට (මැයි 05දින) යෙදී ඇති ලෝක පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ දිනය වෙනුවෙනි)