සුදත් / අචලාගේ The World Beyond චිත්‍ර ප්‍රදර්ශනය අප්‍රේල් 06 සිට...

සුදත් / අචලාගේ The World Beyond චිත්‍ර ප්‍රදර්ශනය අප්‍රේල් 06 සිට...

ප්‍රවීන දෘශ්‍ය කලා ශිල්පීන් දෙපලක් වන සුදත් අබේසේකර සහ අචලා ගුණවර්ධන ඉදිරිපත් කරන ස්වයං නිර්මාණ ඇතුළත් The World Beyond චිත්‍ර ප්‍රදර්ශනය අප්‍රේල් මස 06 වනදා සිට අප්‍රේල් 12 වනදා දක්වා තලවතුගොඩ ආර්ට්වේ කලාගාරයේදී පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය සම්මානලාභී දෘශ්‍ය කලා ශිල්පියෙකු වන සුදත් අබේසේකර ජාතික හා ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් පවත්වා ඇති ශිල්පියෙකු වන අතර චිත්‍ර ශිල්පිනී අචලා ගුණවර්ධන ජාතික හා ජාත්‍යන්තර ප්‍රදර්ශන ගණනාවක් නියෝජනය කළ ශිල්පිනියකි. ඔවුන් දෙදෙනා එක්ව පවත්වනු ලබන දෙවන ප්‍රදර්ශනය මෙය වන අතර The World Beyond නමින් ඔවුන් මෙවර සිතුවම් ප්‍රදර්ශනය ඉදිරිපත් කිරීමට නියමිතය. එය ඔවුන්ගේම කලාගාරයේ පැවැත්වීම විශේෂත්වයකි.

අප්‍රේල් මස 6 වන දින ප.ව.6.00ට ප්‍රදර්ශනය සමාරම්භක අවස්ථාව කලාකරුවන්, කලාකාමීන් සමග සිදුකිරීමට නියමිත අතර අප්‍රේල් මස 7 වනදා සිට 12 වනදා දක්වා පෙ.ව.9.00 සිට ප.ව. 7.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට සංවිධානය කර ඇත.