සංක්‍රමනික ප්‍රශ්නයට පහසු විසඳුම් නැතැයි ILO කියයි

සංක්‍රමනික ප්‍රශ්නයට පහසු විසඳුම් නැතැයි ILO කියයි

ILO සමුළුවේ 5 වන දිනයේදී ප්‍රධානතම මාතෘකාවක් වුයේ සංක්‍රමනික ගැටලුවයි. එම රැස්වීමේ මුලසුන හෙබවූ ILO ප්‍රතිපත්ති පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරිය වන සැන්ද්‍රා පොලාස්කි (Sandra Polaski) මැතිනිය ලෝක ප්‍රජාව සංක්‍රමනිකයන්ගේ බලාපොරොත්තු තහවුරු වන ලෙසට ක්‍රියා කල යුතු බවයි. තවද පසුගියදා Mediterran හා Andoman මුහුදු වලදී මුහුණ පෑ භයානක අනතුරු මින් පසුව සිදු නොවිය යුතු බවයි. ලොව කිසිම පිරිමියෙකු, ගැහැණියකු හෝ දරුවෙකු යුද්ධයකට, වධ හිංසා වලට, දිළිඳුකමට හා නොවැදගත් සේ සැලකීමට එරෙහිව තම ජීවිත පරදුවට තබා යහපත් පරිසරයන් සඳහා යාම බලහත්කාරයෙන් නොකළ යුතු බවයි.

ලෝක මුළු ජනගහණය වන බිලියන 7 න් බිලියන 1.5 ක් ම ජීවත් වනුයේ යුද්ධයකට හෝ වධ හිංසා වලට බිලි වෙමින්ය. මෙම ප්‍රමාණය දිනෙන් දිනම වැඩි වන බව සමීක්ෂණ වලින් තහවුරු වේ. පසුගිය වසරේදී පමණක් මුහුදු මගින් ගිය සංක්‍රමනිකයන් 44,000 ක් බේරා ගෙන ඇත. මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ආසන්න වශයෙන් දෙදාහක් (2000) පමණ දෙනාගේ ජීවිත අහිමි වී ගොස් ඇත.

නියෝජ්‍ය අධ්‍යක්ෂ වරිය තවදුරටත් කියා සිටියේ මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි. අප පළමුව කල යුත්තේ ආරක්ෂාකාරීව සංක්‍රමනිකයන්ගේ ජීවිත බේරා ගැනීමත්ය. දෙවනුව ඔවුන්ගේ අයිතීන් තහවුරු වන අයුරින් රැකිරක්ෂා සොයා දිය යුතු බවත්ය. පසුව ඔවුන් අයත් රටවලට මෙම සංක්‍රමනිකයන්ගේ ගැටළු විසඳීමට උදව් දිය යුතු බවත්ය.

UNCHR හි ආරක්ෂණය භාර සහකාර කොමසාරිස් වරිය වන වෝල්ක් ටුර්ක් (Volk Turk) ද මෙහිදී අදහස් දක්වන ලදී.

මෙම සැසියෙදී ලොව පුරා ජනතාවට Twitter මගින් අදහස් දැක්වීමට ඉඩදී තිබිණි.

විජය ලක්ෂ්මි

ලංකා ගුරු සංගමය