නයිජර් රාජ්‍යය නූතන වහල් සේවයට තිත තැබීමේ ප්‍රෝටකොලයට අත්සන් තබයි

නයිජර් රාජ්‍යය නූතන වහල් සේවයට තිත තැබීමේ ප්‍රෝටකොලයට අත්සන් තබයි

104 වැනි ILO සැසි වාරයේ 05 වැනි දිනය පෙරේදා (05) දිනයේදී බලහත්කාරයෙන් සේවය ලබා ගැනීම නැවතීමේ ප්‍රෝටකොලය අපරානුමත (Ratify) කල පළමු රාජ්‍යය ලෙස ඉතිහාසයට එක්විය. නයිජර් රාජ්‍යයේ කම්කරු රැකිරක්ෂා හා සමාජ ආරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යය ගරු සැලිසවූ අදා (Salissou Ada)මැතිතුමා ඒ වෙනුවෙන් අත්සන් තැබීය.මෙයට අත්සන් තැබීමෙන් නයිජර් රාජ්‍යයේ පාලක ජනාධිපති අතිගරු මහමදු ඉසොෆ්වූ (Mahamadou Issoufou) මැතිතුමා විසින් තම රාජ්‍යයේ සමාජ විරෝධී ක්‍රියාවන් මැඩලීම සදහා එතුමාගේ ඍජු මැදිහත්වීම මෙයින් පෙනී යන්නේ යැයි අමාත්‍ය තුමා පැවසීය.

මේ අවස්ථාවට සහභාගිවූ ILO හි ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂක වරයා 1930 දී සම්මත කර ගත් බලහත්කාර ශ්‍රමයෙහි පළමු සම්මුතිය අත්සන් කල රාජ්‍යය ලෙස නයිජර් රාජ්‍යය ඉතිහාසයට එක්වන බව පැවසීය. ILO හි සමීක්ෂණ වලට අනුව මිලියන 21 ක් ජනයා බලහත්කාර ශ්‍රමය ලබා ගැනීමේ ක්‍රියාවට භාජනය වන බවත් එයින් වසරකට ඩොලර් බිලියන 150 ක අසාධාරණ ලාභයක් උපයන බවත් පැවසීය.

1960 දී නිදහස ලබාගත් නයිජර් රාජ්‍යය 1961 දී බලහත්කාර ශ්‍රමයට එරෙහිව ILO සම්මුතියට අත්සන් තැබිය. 2008 වසරේදී කල සමීක්‍ෂණයකට අනුව මිලියන 13 ක් වන එම රටේ සම්පුර්ණ ජනගහනයෙන් 59000 ක් පමණ වන දෙනා මෙම උවදුරට ගොදුරු වී ඇත.

ILO හි උත්සාහය වන්නේ 2018 වන විට මෙම සම්මුතියට රටවල් 50 කගේ වත් අපරනුමැතිය ලබා ගැනීමටයි.

හරිප්‍රිය හෙට්ටිආරච්චි

විදුලි සංදේශ ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය