[VIDEO] සංක්‍රමණික සේවක ප්‍රශනය ලෝක කම්කරු සමුළුව හොල්ලයි

[VIDEO] සංක්‍රමණික සේවක ප්‍රශනය ලෝක කම්කරු සමුළුව හොල්ලයි

ඊයේ (5) දින දිවා වරුවේදී ලෝක කම්කරු සමුළුවේදී සංක්‍රමණික සේවකයින් පිලිබඳ ඉහල පෙලේ අතුරු සාකච්චාවක් පැවැත්විණ. සමුළුවේ ඉතා කාර්යබහුල දිනයක් වූ ඊයේ දිවා වරුවේ පැවතී මෙම සාකච්චාව සඳහා තම දිවා භෝජනයත් කැප කරමින් විශාල පිරිසක් රැස්වීම් ශාලාවේ අතුරු සිදුරු නැතිව සහභාගී වී සිටී බව අප හා අදහස් දැක්වූ දැනට ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු පැවසිය.

මෙම සාකච්චාවේදී අවධාරණය වූ වැදගත්ම කාරණය වුයේ මෙම විෂය පිළිබඳව ජගත් කම්කරු සංවිධානයේ කාර්යභාරය සාර්ථක ලෙස පුළුල් කල හැක්කේ කෙසේද හා සංක්‍රමණික සේවකයින් සුරැකීම සඳහා ILO වට මදිහත් වීමක් සිදු කල හැක්කේ කෙසේද යන්නයි. එලෙසම සංක්‍රමණික සේවකයින්ට සමාජ යුක්තිය හා ශිෂ්ඨ සම්පන්න රැකියා තත්වයන් නිර්මාණය කල හැක්කේ කෙසේද යන්නත් සාකච්චාවට බඳුන් විය.

සාධාරණ සංක්‍රමනය Fair Migration තත්වයන් නිර්මාණය උදෙසා අදාළ පාර්ශවකරුවන් ගත යුතු ක්‍රියාමාර්ග කෙරහිද සාකච්චාව අවධාරණය යොමු කළේය. එමෙන්ම රාජ්‍යයන් කලාපයන් තුලත් සමස්තයක් ලෙසත් මේ පිළිබඳව ගැඹුරු සංවාදයක හා අන්‍යෝන්‍ය වැඩ පිලිවෙලකට එකඟවීමේ අවශ්‍යතාවය මතු කෙරින.

මෙම සාකච්චාව ILO නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැන්ද්‍රා පොලොස්කි මහත්මිය විසින් මෙහෙයවනු ලැබිණ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය ඉපයීමේ මාර්ගය සංක්‍රමණික සේවකයින් හරහා නිර්මාණය වීම නිසා මෙම මාතෘකාව ශ්‍රී ලංකාවට සුවිශෙහි වැදගත්කමක් උසුලයි. ලාංකික සංක්‍රමණික සේවකයින් අතර අති බහුතරයක් කාන්තාවන් වීමහා ඔවුන් අනේකවිද කම්කටොලුවලට හා හිරිහැර වීම් වලට නිරන්තරයෙන් භාජනය වීම නිසා ලක් රජය හා වෘත්තීය සමිති මේ පිලිබදව විශේෂ හා අඛණ්ඩ උනන්දුවකින් කටයුතු කිරීම වැදගත් වන අතර අපට වාසි සහගත ජාත්‍යන්තර නෛතික ව්‍යුහයක් නිර්මාණයටද ඉවහල් වේ. මේ සඳහා සැබෑ උනන්දුවක් හා උපායමාර්ගික හැකියාවක් අප සතුද යන්න තවමත් ප්‍රෙහෙලිකාවකි.

මෙම සාකච්චාවේ සුවිශේෂි අවස්ථාවන්හි වීඩියෝ පට පහතින් නැරඹිය හැක

https://youtu.be/K947Hl7vSJA

https://youtu.be/q4U_AtoyDig

https://youtu.be/3cVbkWP22cU

සාකච්චා සභාවේ චායාරුප

Migration 1

Migration 2