[AUDIO] ILO සම්මුති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන සතුටු වන්න බැහැ – කම්කරු ඇමති

[AUDIO] ILO සම්මුති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන සතුටු වන්න බැහැ – කම්කරු ඇමති

ඊයේ (05) දින දිවා වරුවේදී 104 වන ජගත් කම්කරු සමුළුව ඇමතු ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍ය එස්.බි.නාවින්න මහතා පවසා සිටියේ ජගත් කම්කරු සංවිධානයේ සම්මුති ක්‍රියාත්මක කිරීම ගැන සතුටු විය හැකි තත්වයක් නොමැති බවයි.

තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා ජිවිත කාලය පුරාවටම එකම රැකියාව කිරීම අද ලෝක තත්වය යටතේ යල් පැන ගිය දෙයක් බවට පත්ව ඇති බවත්, නිෂ්පාදන ක්‍රියාවලියේ සැපයුම් දාමය වර්ධනය වීම තුල කෙටි කාලින හා නම්‍යශීලි රැකියා ක්‍රමයන් නිර්මාණය වෙමින් පවතින බවයි . ඒ සමගම මෙහි ප්‍රතිපලයක් ලෙස සේව්‍ය සේවක සම්බන්ධතාවය හඳුනාගැනීමත් අපහසු කාර්යයක් බවට පත්ව ඇත. මෙම තත්වය තුල ඇමතිවරයාට අනුව සමාජ යුක්තිය හා ශිෂ්ඨ සම්පන්න රැකියා ජගත් කම්කරු සංවිධාන සම්මුති හා ක්‍රමවේදයන් තුලින් පමණක් ලඟා කර ගත නොහැකි බවයි. මෙ සඳහා විවිධ සමාජ කොටස් ඒකරාශී කරන හරයාත්මක පුළුල් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතු කල අමාත්‍ය වරයා මේ සඳහා ජගත් කම්කරු සංවිධානයේ ඉදිරි ශතවර්ෂ වැඩපිළිවෙලේ පරිශ්‍රමය සාක්ෂාත් කරගැනීම පිණිස ශ්‍රී ලංකාවේ පුර්ණ සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

ශ්‍රී ලංකාව තුල කම්කරු ප්‍රතිපත්ති හා වැඩපිළිවල් නිර්මාණයට ජගත් කම්කරු සංවිධානය සැපයු සහාය ඇමතිවරයාගේ පැසසුමට ලක් විය. එලෙසම සේවානියුක්ති ප්‍රතිපත්තිය පිලිබඳ ILO සම්මුති අංක 122 සහ 2006 වසරේදී ILO විසින් සම්මතකළ නාවුක ශ්‍රම (Maritime Labour) සම්මුතිය අපරානුමත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා සභාවට දැනුම් දුන්නේය. තවද අති ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නව නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සඳහා අවම වැටුපක් සකස් කිරිමට දැන් පියවර ගෙන ඇති බවත් මේ සියල්ල සිදු කරනු ලබන්නේ ILO මුලික අරමුණු හා අනුකුල වීම අරභයා බව හෙතෙම පැවසිය.

කතාවේ ලිඛිත පිටපත මෙම සබැඳුමෙන් ලබාගත හැක

ඉදිරි සැසි වලදී සේව්‍ය, සේවක හා රජයේ පාර්ශව නියෝජනය කරන නියෝජිතයින් ප්‍රධාන සභාවේදී හා විශේෂිත කමිටු වලදී සිදුකරන අදහස් දැක්වීම්වල හඬපට හා අනෙකුත් විස්තර ඔබවෙත ගෙන ඒමට වැඩබිම අපේක්ෂා කරයි. මේ සඳහා අපට සහය පලකරන ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අපගේ ස්තුතිය පිරිනමමු.

සමුළුවේ එසැන තතු දැනගන්න වැඩබිම හා රැඳී සිටින්න.

වැඩබිම