වැඩ කරන පැය ගණන පාලනය ගැන ජගත් කම්කරු සම්මේලනයේ අවධානයට

වැඩ කරන පැය ගණන පාලනය ගැන ජගත් කම්කරු සම්මේලනයේ අවධානයට

පරිවර්තනය වන ලෝකයේ ශ්‍රම ආරක්ෂණය පිළිබද විශේෂ සාකච්චාවක් ලෝක කම්කරු සමුළුවේදී මේ දිනවල පැවැත්වේ.

වාර්ෂික වැඩ කාලය පිළිබඳ නීත්යානුකූල සීමාව අඩු වීමේ ප්‍රවනතාවය ශක්තිමත් වන බවට ජගත් කම්කරු සංවිධානය තහවුරු කරයි. විසි වන සියවසේ මුල් භාගයේ, කාර්මීකරණය වූ රටක සේවකයකු සාමාන්‍ය වශයෙන් වසරකට පැය 2500ක් 3000ක් වැඩ කල අතර, වසර 2000 වන විට එම කාලය පැය 2000 කටත් වඩා අඩු මට්ටමකට පත්ව ඇත.

ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය වැනි සමහර රටවල මෙම කාලය පැය 1500 දක්වා අඩු වී ඇති අතර, සෙවකයකුට ලබා දෙන වාර්ශික නිවාඩු ගනනද වැඩි වී ඇත.

2011 ඔක්තොම්බර් 17 සිට 21 දක්වා ජිනීවා හි ‘විසි එක් වන සියවසේ වැඩ කාලය’ යන මෑයෙන් පැවති ත්‍රයිපාර්ශ්වික විද්වත් කමිටු සාකච්චාවේදී තහවුරු කරන අන්දමට වැඩ කාලයේ සීමාවන් පිහිටු වීම, වැඩබිමේ ආරක්ශාව සම්බන්ධ ඉතා වැදගත් අංගයක් වේ. එලෙසම අසීමිත වැඩ කාලය හේතුවෙන් අනතුරු සිදුවීමේ අවධානම බොහෝ සෙයින් වැඩි වේ. බොහෝ සෞඛ්‍ය වාර්ථා වලින් පෙන්වා දෙන්නේ සතියකට පැය 48-50 ට වැඩියෙන් පුරුද්දක් ලෙස වැඩ කරන පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන බවයි. තවද රැකියාව සහ පුද්ගලික වගකීම් ඉටු කිරීමේ සමබරතාවය සඳහාද වැඩ කාලයේ සීමාවන් අත්‍යවශ්‍ය වේ.

2013 දී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව ලෝකයේ සෑම රටක්ම වාගේ සතියකට කල යුතු වැඩ කාලය සඳහා සීමාවන් ක්‍රියාත්මක වෙමින් පවතී. ලෝකයේ රටවල් වලින් 36% ක් සති වැඩ කාලය පැය 40 කටද, 21% ක් පැය 42-45 ක් ද, 31% ක් රටවල් පැය 48 ක සීමාවක්ද පනවා ඇත. 3% ක් වැනි සුලු රටවල් ප්‍රමාණයක් පැය 40 ට අඩු සීමාවන්ද, 1% ක් රටවල් . පැය 49 ට වැඩි සීමවන්ද පනවා ඇත. 8% ක් රටවල් වල සීමාවන් පනවා නොමැති අතර ඒවායින් සමහරක් කර්මාන්තය හෝ ආයතනය මට්ටමින් සීමාවන් පනවා ඇත.

වැඩ කාලය පිළිබඳ අනෙක් වැදගත් කාරණය වන්නේ සේවකයාගේ යහපත් සෞඛ්‍ය සහ ඉහල සඵලත්වයක් සඳහා අවශ්‍ය විවේකය සඳහා වන වාර්ෂික නිවාඩු පිළිබඳ නීති රෙගුලාසින්ය. ලෝකයේ රටවල් 6 ක් හැරුනු කොට අනෙකුත් සියලු රටවල් පඩි සහිත අවම වාර්ෂික නිවාඩු ගනන නීතිගත කර ඇත. මෙසේ නිති ගත නොකල රටවල් 6 අතර ශ්‍රී ලංකාවද පැවතීම ගැන සියලු වෘතීය සමිති යලි යලිත් සිතා බැලිය යුතුය.

මෙවර සමුළුවට මෙම මාතෘකාව අලලා ඉදිරිපත්කල සවිස්තර වාර්තාවේ පිටපතක් මෙම සබැඳුම ක්ලික් කිරීමෙන් ලබාගත හැක.

කම්කරු ආරක්ෂණය පිලිබඳ ලෝක කම්කරු සමුළුවේ සැසියේ චායාරුප පහලින් පළවේ.

ILC Labour Protection 1

ILC Labour Protection 2

ILC Labour Protection 3

ජීවන්ත නිශාප්‍රිය – ටෙලිකොම් සියලු සේවක සංගමය