ජගත් කම්කරු සංවිධානයේ සාමාජිකත්වය පතා කුක් දිවයින (Cook Island) අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර. දැනට පැවැත්වෙන සමුලුවාරයේදී ඒ පිලිබඳ තීරණයක් ගනු ඇත. කුක් දිවයින දකුණු පැසිෆික් සාගරයේ දුපත් 15 කින් සමන්විත වර්ග කි. මී. 240 ක භුමි ප්‍රමාණයක් ඇති දුපත් සමුහයකි. එහි වැඩි වශයෙන් ජනයා සිටින්නේ ප්‍රධාන දුපත වූ Rarotonga ය. සම්පුර්ණ ජනගහනය 15,000 කි. “Maori” නමැති ආදිවාසී ගෝත්‍රිකයන් එහි වාසය කරයි.

මෙම දුපත් වලට එම නම ලැබුණේ 1770 දී ඒවා පළමුව සොයාගත් කපිතාන් කුක් ව සිහිපත් කිරීමටයි. එය 1888 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් විය. 1901 සිට 1965 දක්වා නවසීලන්තයෙහි යටත් රාජ්‍යයක් ලෙස පැවතිණි. 1965 දී නවසීලන්ත පාලනයෙන් මිදී ස්වෛරී රාජ්‍යයක් ලෙස කටයුතු කරන්නට පටන් ගති.

දැනට කුක් දුපත් සමුහය ප්‍රජාතන්ත්‍රවාදී විධායක පාර්ලිමේන්තු සම්ප්‍රදායක් අනුගමනය කරයි. අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය නායකයාය. ස්වාධීන අධිකරණ පද්ධතියක් ඇත. රටේ ප්‍රධානියා වන්නේ දෙවැනි වැනි එලිසබෙත් රැජිනයි.

1965 දී නවසීලන්ත පාලනයෙන් මිදී තම රටේ ස්වාධීන පාලනයක් ගෙනියන කුක් දුපත් වැසියන්ට තවම නවසීලන්තයෙහි පුරවැසි භාවය හිමිය. 2014 වන විට කුක් දිවයින වෙනත් රාජ්‍යයන් 43 ක පමණ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් පවත්වාගෙන යයි.තවමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය නොලැබුණත් FAO, ICAO, FAD, IMO, UPU, WHO, WMO, යන සංවිධානයන්හි පුර්ණ සාමාජිකත්වය ලබා ඇත.

කුක් දිවයිනෙහි ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සංචාරක කර්මාන්තයෙනි. දල ජාතික නිෂ්පාදනයෙන් 60% ක් ලැබෙන්නේ එමගිනි. වසරකට 120,000 ක පමණ සංචාරකයින් පිරිසක් පැමිණෙයි. ඔවුන්ගේ තවත් ආදායම් මාර්ග වන්නේ ධීවර, කෘෂිකර්ම හා පතල් කර්මන්තයි.

රටේ සියලු දෙනාට නවසීලන්තයෙහි හා ඔස්ට්‍රේලියාවෙහි පුරවැසිභාවය ඇති නිසා රැකිරක්ෂා හා උසස් අධ්‍යාපනය උදෙසා ඒ රටවල් වලට සංක්‍රමණය වෙති. දිනෙන්දිනම ජනගහනය අඩු වන බැවින් විරැකියාව මෙහි දකින්නට නොලැබේ. මෙනිසාම රටේ රැකියා සඳහා විදෙස් සංක්‍රමිකයින් යොදා ගනී.

ජනගහනයෙන් 70% ක් පමණ එනම් 7,700 ක් පමණ ශ්‍රමිකයින් මෙහි සිටි. මෙයින් 4,500 ක් දෙනා එනම් 65% ක් පමණ පුද්ගලික අංශයේ රැකියා කරති. වැඩකරන ජනතාවගේ වෘත්තීය සමිති සැලකිය යුතු ප්‍රමාණයක්ද ඇත. එනම් රජයේ සේවා සංගමය, Cook Isaland Workers Association (CIWA), හෙදියන් ගේ සංගමය, ගුරු සංගමය, ප්‍රධාන වේ. එහි විශාලම වෘත්තීය සංගමය වන CIWA ජාත්‍යන්තර වෘත්තීය සංගම් එකමුතුවෙහි (ITUC) සාමාජිකත්වය දරණ අතර 1,200 ක පමණ සාමාජික පිරිසක් ඇත.

හරිප්‍රිය හෙට්ටිආරච්චි

විදුලි සංදේශ ඉංජිනේරුමය ඩිප්ලෝමධාරින්ගේ සංගමය

වැඩබිම