[VIDEO] බලහත්කාර ශ්‍රමයට එරහිව සමුළු නියෝජිතයෝ පෙළ ගැසෙති

[VIDEO] බලහත්කාර ශ්‍රමයට එරහිව සමුළු නියෝජිතයෝ පෙළ ගැසෙති

“ 50 for Freedom “ නිදහස සදහා රටවල් 50 ක් යන මැයෙන් සකසා තිබු ප්‍රචාරක පලකයක තම අත්සන යෙදීමට සියලුම ලෝක කම්කරු සමුළුවට සහභාගිවන ආරාධිතයන්ට, නිල නියෝජිතයන්ට , නිලධාරීන්ට හා අමුත්තන්ට ආරාධනා කෙරිණි. පසුගිය වසරේදී (2014) දී සම්මත කරගත් බලහත්කාර ශ්‍රමය (Forced Labour) තුරන් කිරීමේ ප්‍රෝටකොලය (Protocol) අවම වශයෙන් රටවල් 50 ක් විසින් වසර 2018 වන විට අපරානුමත (Ratify) කරවා ගැනීම මෙයින් බලාපොරොත්තු වේ. ILO හි විධායක අධ්‍යක්ෂ වරයා පවසන පරිදි ලොව පුරා මිලියන 21 ක කම්කරුවන් පිරිසක ගෙන් බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගනී. ජුනි මස 12 වන දිනට යෙදෙන ලෝක ළමා ශ්‍රමයට එරෙහි සටනට මෙය පාදක කර ගැනීමට යයි. මෙහි පළමු අත්සන ජගත් කම්කරු සංවිධාන අධ්‍යක්ෂජනරාල් වරයා විසින් තබන ලදී. මෙම ප්‍රෝටකොලය වහල් ශ්‍රමයේ නුතන අවධිය තුරන් කිරීමට අපේක්ෂා කෙරේ.

අදටත් අවම වශයෙන් මිලියන 21ක් පමණ බලහත්කාර ශ්‍රමයට ගොදුරුව ඇති සේවකයින් සිටින බව ගණන් බලා ඇති අතර මෙම ප්‍රෝටකොලය හරහා සියලු ආකාරයේ වහල් සේවයන් තුරන් කිරීමේ අභියෝගය ජය ගැනීමට අපේක්ෂා කෙරේ. නයිජර් ජාතික නොබෙල් සාම ත්‍යාගලාභී කයිලාෂ් සත්යාර්ති මහතාත් මෙම අවස්ථාවට එක්ව පෙරමුණ ගෙන ක්‍රියා කිරීම සුවිශේෂී විය.

මෙම බලහත්කාර ශ්‍රමය තුරන් කිරීමේ ප්‍රෝටකොලය රාජ්‍යයන් විසින් අපරානුමත කිරීමේ ප්‍රයත්නය දිරිගැන්වීම සඳහා ප්‍රචාරක පාලකයක් මත අත්සන් තැබීම ලෝක කම්කරු සමුළුවට සමගාමිව ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ඨාන පරිශ්‍රයේදී පැවත් වින.

https://youtu.be/iOJtQsc1e4o

ILC FB 2

ILC FB 3

හරිප්‍රිය හෙට්ටිආරච්චි – ටෙලිකොම් ඩිප්ලෝමාධාරින්ගේ සංගමය (TEDA)