[VIDEO] 102වන ජගත් කම්කරු සමුළුවේ (ILC) ආරම්භක සැසිය

[VIDEO] 102වන ජගත් කම්කරු සමුළුවේ (ILC) ආරම්භක සැසිය

102 වන කම්කරු සමුළුව ජෝර්දාන කම්කරු අමාත්‍ය සහ සමුළු සභාපති ආචාර්ය නිදාල් කටාමින් ගේ දෙසුමකින් ආරම්භ විය. එහිදී ඔහු කියා සිටියේ ලෝකයා 2008 මුල්‍ය හා ආර්ථික අර්බුදය හේතුවෙන් එතැන් පටන් අත්දකින, බොහෝ රටවල පවතින මහා පරිමාන විරැකියා ඛේදවාචකය හේතු කොටගෙන ILO හි වැදගත්කම හා ගෝලීය වශයෙන් එය ඉටු කරන වැදගත් සමාජ සහ ආර්ථික කාර්යභාරය ඉස්මතුවන බවයි. ඉන් අනතුරුව අදහස් දැක්වූ ILO අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් මහතා සිය දෙසුමෙන් කම්කරුවන්, ව්‍යවසායන්, සහ ලොව පුරා සිටින රජයන් ට බලපා ඇති නානා ප්‍රකාර අභියෝග ජය ගැනීම කෙරහි සිය දැක්ම විග්‍රහ කළේය. මෙම දෙසුම් වල සුවිශේෂී අවස්ථා පහත Youtube සබැඳුමෙන් නැරඹිය හැක.

 https://youtu.be/T346g1d62js