ජාතික නිසි බලධාරි ආයතන වෙත ප‍්‍රමිතීන් ඉදිරිපත් කිරීම – ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීම

ජාතික නිසි බලධාරි ආයතන වෙත ප‍්‍රමිතීන් ඉදිරිපත් කිරීම – ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීම

සමුළුව සම්මත කළ සියලූ සම්මුති සහ නිර්දේශ, නීති පැනවීම හෝ වෙනත් ක‍්‍රියා මාර්ග ගැනීම සඳහා රජයන් විසින් මාස 12ක් ඇතුළත හෝ මාස 18කට නොවැඩි කාලයක් තුළ රටේ නිසි බලධාරි ආයතන වෙත – සාමාන්‍යයෙන් ජාතික පාර්ලිමේන්තුව වෙත – ඉදිරිපත් කළ යුතු ය (ILO ව්‍යවස්ථාවේ 19 වන වගන්තියේ 5, 6 සහ 7 ඡේද). එසේ කිරීමේ දී, සුදුසු යැයි රජය කල්පනා කරන ඕනෑ ම යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජයට නිදහස ඇත; අත්සන් කළ යුතු යැයි හෝ නොකළ යුතු යැයි ඊට යෝජනා කළ හැකි ය, විෂය පිළිබඳව නව නීතියක් පැනවිය යුතු යැයි හෝ නො පැනවිය යුතු යැයි ද ඊට යෝජනා කළ හැකි ය. කෙසේ වුව ද, ILO ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් එය සිය ස්ථාවරය ප‍්‍රකාශ කළ යුතු ය. අලූතින් සම්මත කළ ප‍්‍රමිතීන් නිසි බලධාරි ආයතන වෙත ඉදිරිපත් කිරීම ඒවා ක‍්‍රියාත්මක කිරීම උදෙසා වන පළමු සහ බොහෝ විට තීරණාත්මක පියවරක් විය හැකි ය. මෙම ක‍්‍රියාවලිය තුලින්, ජගත් කම්කරු සමුළුව මුලපිරූ ක‍්‍රියාව, ජාතික පාර්ලිමේන්තු ස්තර සහ ජනමත අවකාශයන් තුල රැව් පිළිරැව් දීමට හේතුවේ; එවැනි සාකච්ඡා, සම්මුතීන් හා අදාළ වන විට ඒවාට අත්සන් තැබීමට ද තුඩු දිය හැකි ය.

නව සම්මුතීන් සහ නිර්දේශයන් නිසි බලධාරි ආයතන වෙත ඉදිරිපත් කිරීම සඳහා ගත් පියවරයන් පිළිබඳව රජයන් ජගත් කම්කරු කාර්යාලය වෙත වාර්තා කළ යුතු ය. මේ සම්බන්ධයෙන් ගත් කල, ගත යුතු පියවරයන් සහ ILO වෙත සැපයිය යුතු තොරතුරු පෙන්වා දෙමින් රජයන්ට මග පෙන්වීම සඳහා ILO පාලක මණ්ඩලය Governing Body සිහිපතක් memorandum සම්මත කර ගෙන ඇත – ඉල්ලීමක් කර එහි පිටපත් ලබා ගත හැකි ය. යට කී තොරතුරුවල පිටපත් සේවා යෝජකයන් සහ සේවකයන්ට සන්නිවේදනය කල යුතු බැවින්, නව ILO සම්මුතීන් ක‍්‍රියාවේ යෙදවිය යුතු ආකාරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක ආයතනවලට කළ යම් යෝජනාවක් වේ නම් ඒ පිළිබඳව හැදෑරීමට පාර්ශවකාර සංවිධානවලට ද අවස්ථාව සැලසේ. නිදසුනක් ලෙස වෘත්තීය සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් ගත කල, පාර්ශවකාර සංවිධාන වලට රජයන් ඒවා වහාම, නැතහොත් යථා කාලයේ දී ක‍්‍රියාත්මක කිරීමට යන්නේ ද, යන්න සහ ජගත් කම්කරු සමුළුව සම්මත කළ සමුම්තීන් ක‍්‍රියාවේ යෙදවීම සඳහා රජය ජාතික මට්ටමේ දී සැලසුම් කරමින් සිටින්නේ කිනම් පියවරයන් ද යන්න සොයා දන ගැනීමට අවස්තාව සැලසේ. මෙලෙස පාර්ශවකාර වෘත්තීය සංවිධානයන්ට සිය රජයේ අභිප‍්‍රායයන් පිළිබඳව දැනුවත් වීමටත්, පාර්ලිමේන්තු අදියරේ දී හෝ වෙන යම් ආකාරවලින් ප‍්‍රශ්නය පසු විපරමට ලක් කිරීමට ඒවාට හැකියාව ලැබේ.

කිසිදු ක්ෂණික පියවරක් පිළිබඳව සිතා බලා නැත්නම්, කම්කරු නීති පද්ධතිය සම්මත කරන විට හෝ සංශෝධනය කරන විට හෝ වෙනත් පියවරයන් පිළිබඳව සිතා බලන විට, සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධානවලට පසු අදියරක දී අදාළ ILO ප‍්‍රමිතීන් පදනම් කර ගත හැකි ය. 

මූලාශ්‍රය: www.ilo.org