රාජ්‍යයන් විසින් අපරානුමත නොකළ Unratified සම්මුතීන් පිළිබඳව සහ නිර්දේශයන් පිළිබඳව වාර්තා කිරීම

රාජ්‍යයන් විසින් අපරානුමත නොකළ Unratified සම්මුතීන් පිළිබඳව සහ නිර්දේශයන් පිළිබඳව වාර්තා කිරීම

ජගත් කම්කරු කාර්යාලය International Labour Office, සිය පාලක මණ්ඩලය විසින් තෝරා ගත් ඇතැම් අපරානුමත නොකළ සම්මුතීන් සහ ඇතැම් නිර්දේශයන් ක‍්‍රියාවේ යොදවා ඇති ආකාරය ගැන වාර්තා ඉදිරිපත් කරන ලෙස සෑම වසරක ම රජයන්ගෙන් ඉල්ලා සිටී (ව්‍යවස්ථාවේ 19 වන වගන්තියේ 5, 6 සහ 7 ඡේද). මෙම වාර්තා, කිසි යම් සම්මුතියක් අත්සන් කිරීම වළක්වන හෝ පමා කරන දුෂ්කරතා ඇත් නම් ඒවා සඳහන් කළ යුතු අතර, අදාළ නිර්දේශ ක‍්‍රියාවේ යොදවා ඇති ආකාරය පෙන්වා දිය යුතු ය. වාර්තා ලබා ගැනීම සඳහා තෝරා ගත් ප‍්‍රමිතීන් සාමාන්‍යයෙන් සලකා බලන්නේ තත් කාලයේ උනන්දුවක් දක්වන මාතෘකා පිළිබඳව ය (වැඩ කාලය, වේතනවල සමානාත්මතාව, රැකියාමය වාතාවරණයේ ආරක්ෂාව යනාදිය මෑත මාතෘකා අතරට ඇතුළත් විය).

මෙම වාර්තා පාලක මණ්ඩලය සකස් කළ විශේෂ ආකෘති පත‍්‍ර මත පදනම් වන අතර, තෝරා ගත් මාතෘකා සම්බන්ධයෙන් ඒ ඒ රටේ ස්ථාවරය සමාලෝචනය කිරීමට ඒවායින් අවස්ථාවක් සම්පාදනය වේ. වාර්තා ලබා ගැනීම සඳහා තෝරා ගත් සම්මුතීන් පිළිබඳව කළ පොදු අධ්‍යයන general survey දී විශේෂඳ කමිටුව පෙන්වා දෙනු ලබන්නේ සමාලෝචනයට ලක් වන ILO ප‍්‍රමිතීන්ගේ සක්‍රිය ඵලදායකතාව වැඩි කිරීමේ දැක්මකින් යුතුව නිගමන උකහා ගත යුතු යැයි සහ පාඩම් උගත යුතු ලෙසයි. 

මූලාශ්‍රය: www.ilo.org