ඉංග‍්‍රිසින් විසින් ලංකාව සහමුලින්ම යටත් කර ගැනීමට ආසන්න සමයේ එනම් එවකට අග‍්‍රාණ්ඩුකාර පෙඩරික් නෝර්ත් ගේ පාලන කාලයේ ලංකාව තුළ සිවිල් සේවය ස්ථාපිත කරනු වස් මහ බි‍්‍රතාන්‍ය විසින් අට දෙනෙකුගෙන් සමන්විත පළපුරුදු සිවිල් නිලධාරින් පිරිසක් ලංකාවට පිටත් කර එවන ලදී. මෙය සිදු වූයේ 1798 ඔක්තෝම්බර් 12 වැනි දාය.
මෙමගින් අපේක්ෂා කරනු ලැබුයේ එවකට බි‍්‍රතාන්‍ය තුළ ක‍්‍රියාත්මක පාලන ත‍්‍රන්ත‍්‍රයට සරිලන පරිදි ඊට අනුගාමීව මෙරට සිවිල් සේවයේ ආරම්භක මුල් පදනම දැමීමයැ යි සිතිය හැක. එහි තවත් පියවරක් වශයෙන් 1801 දී සුදු ජාතික සිවිල් නිලධාරින් 24 දෙනෙකු මෙරටට පැමිණ ඇත.
එකල රාජ්‍ය සේවකයන් යනුවෙන් හදුන්වනු ලැබුවේ රාජ්‍ය ආදායමෙන් ලබා ගත් මුදලින් එනම් රජයේ මුදලින් නඩත්තු කෙරෙන තනතුරු දරණ සියල්ලන්ම ය. තවද රාජ්‍ය ආදායමින් නඩත්තු කරනු ලබන සියළුම සංවිධාන හා ක‍්‍රියාකාරකම් රාජ්‍ය සේවය ලෙස නිර්වචනය විය.
රජයේ තනතුරක් දරණ පුද්ගලයා රාජ්‍ය සේවකයාය. අප රටට නිලබල තන්ත‍්‍රයක් සහිත රාජ්‍ය සේවයක් හදුන්වා දුන් එක්සත් රාජධානිය තුළ එවක මාණ්ඩලික නිලධාරියා යන පදයෙන් හගවා ඇත්තේ විශේෂ පන්තියේ ලිපිකරුවෙකි. එකල පරිපාලනයේ විධායක හස්තය බවට පත්ව ඇත්තේ ලිපිකාර පන්තිය වේ.
අප රට තුළ ද සිවිල් සේවය ස්ථාපිත කිරීමේ දී ලිපිකරු සේවය ඉතා වැදගත් කොට සැලකූ අතර ප‍්‍රධාන වශයෙන් කාණ්ඩ 5 කට බෙදා වෙන් කර රාජ්‍ය සේවය තුළ පවත්වා ගෙන ගොස් ඇත.
එම කාණ්ඩ 05 නම්
• දිස්ත‍්‍රික් පදනමින් බදවා ගත් ලිපිකරුවන්
• අවස්ථානෝචිතව දෙපාර්තමේන්තුවලට බදවා ගත් ලිපිකරුවන්
• අනියම් ලිපිකරුවන්
• දෙපාර්තමේන්තු ලිපිකාර සේවය 2 වන කාණ්ඩය
• සාමාන්‍ය ලිපිකරුවන් යනුවෙනි.
මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ එකිනෙකට වෙනස් බදවා ගැනීමේ පටිපාටි කීපයක් ඒ ඒ සේවය සඳහා පැවතීමයි.
1802 සිට 1832 දක්වා පැවති සිවිල් සේවා නිලධාරි පාලන තන්ත‍්‍රය තුළ මෙම ත්ත්වය විවිධාකාර වෙනස් වීම් මධ්‍ය යේ පැවතිණ. කෝල්බෘක් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ මත මෙරට නව දෙපාර්තමේන්තු පිහිටුවන ලද අතර ලිපිකරුවන් ඇතුළු නව කාර්ය මණ්ඩලයන් බදවා ගන්නා ලදී.
1911 වන විට මෙරට රාජ්‍ය සේවකයන් 5375 ක් සිටි අතර එය 1921 දී 7951 දක්වා වර්ධනය වී ඇති අතර නිදහස ලැබෙන විට අප රට තුළ රාජ්‍ය දෙපාර්තමේන්තු 93 ක් තිබී ඇත.
ලංකාවේ සිවිල් සේවය සදහා ලාංකිකයන් බදවා ගැනීම ඇරඹුනේ 1920 දී පමණය. ඒ අනුව 1920 දී මෙරට සිටි 90 ක් පමණ වූ සිවිල් නිලධාරින්ගෙන් 11 දෙනෙකු ලාංකිකයන් විය. 1925 දී සිටි නිලධාරින් 135 දෙනා අතුරින් 43 ක් ලාංකිකයෝ වූහ.
සිවිල් සේවා නිලබල තන්ත‍්‍රය පරිපාලනයේ මූලික අධිකාරිය වූ අතර 1931 දී හදුන්වා දුන් ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණයන්ට අනුව සිවිල් සේවය දේශීය මුහුණුවරක් ගන්නා ලදී. 1948 දී මෙරටට නිදහස ලැබුණු පසු පුළුල් ක්ෂේත‍්‍රයක විහිදුනු ආර්ථක හා සමාජීය ක‍්‍රියාදාමයන් මත රාජ්‍ය සේවය වඩ වඩාත් පුළුල් වූ අතර ලිපකාර සේවයේ අවශ්‍යතාවය මෙහිදී කැපී පෙණුනි.
1940 වසරේ දී 110000 ක් පමණ වූ මෙරට රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1958 දී 225000 ක් වූ අතර එය 1965 දී 282125 ක් බවට පුළුල් විය. මෙහිදී ලිපිකාර සේවයේ සේවක සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමට ඉහළ නැංවිණ. ඒ අවධියේ රජයේ ලිපිකරු සේවයට මහත් පිළිගැනීමක් ඇති වූ අතර කලිසම් කබා හැදි ඔවුන් බොහෝවිට සමාජයේ ප‍්‍රභූ පංතියෙහිලා සළකන ලදී. මෙහිදී සේවයට බදවා ගැනීමේ දී කුල තත්වයන් පවා සලකා බලා ඇති අතර ඉංග‍්‍රිසි කතා කරන මධ්‍යම පාංතික තරුණයන් බොහෝමයක් රජයේ ලිපිකාර සේවයට ඇතුලත් විය.
මුල් අවධියේ දී රජයේ ලිපිකරු සේවයට ඇති උසස්වීම් ඉතා සීමා සහිත විය. සේවයේ ජ්‍යෙෂ්ඨත්වය, දක්ෂතාවය සලකා බලා සහකාර ආදාම් පාලක, කොළඹ නියෝජ්‍ය පිස්කල් තනතුර ආදී තනතුරු කීපයකට පමණක් උසස් වීමේ අවස්ථාව ඔවුන්ට තිබුණේය. කල් යෑමේ දී සිය උසස් වීම් පිළිබදව දිගින් දිගටම කරන ලද ඉල්ලීම් හේතුවෙන් ඇතැම් දෙපාර්තමේන්තුවල විශේෂ තනතුරු කීපයක් ජ්‍යෙෂ්ඨ ලිපිකරුවන් සදහා වෙන් කරන ලදී.
සහකාර ගණකාධිකාරි (අද මුදල් සහකාර) කාර්යාල සහකාර (අද පරිපාලන නිලධාරි) ඉන් තනතුරු කීපයකි. එකල මෙම තනතුරු සදහා වැටුප් රන් පවුම් වලින් ගෙවා ඇති බව සදහන් වේ.
විසිවන සියවසේ මුල් අවධියේ එනම් 1928 වන විට මෙරට සිවිල් සෙවයේ (පරිපාලන සේවයේ) ප‍්‍රධාන තනතුරු 9න් 3ක් එකල මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ලිපිකරුවන් විසින් දරා ඇත. මෙහිදී මතු වූ විරෝධතාවයක් මත ලිපිකරු සේවයේ විශේෂ පන්තියේ තනතුරු සංඛ්‍යාව වැඩි කිරීමට 1928 දී පිහිටුවන ලද වැටුප් කම්ටුව නිර්දේශ කර ඇත.
1952 වන විට රටේ වැදගත්ම සුපිරි දෙපාර්තමේන්තුවක් වන භාණ්ඩාගාරයේ සේවය කිරීමේ අවස්ථාව රජයේ ලිපිකරු සේවාවට ලැබී ඇත. ඒ අනුව 1954 වර්ෂයේ දී රජයේ ලිපිකරුවන් සදහා සේවාස්ථ පුහුණුවක් ලබා දී ම රජය විසින් ආරම්භ කර ඇති අතර එය 1961 දී වඩා විධිමත් පුහුණුවක් බවට පරිවර්ථනය විය.
ඩබ්.ඩී.ටී. වසන්ත