"කොරෝනා" තුන්වන රැල්ල මත සිට ලියමි

"කොරෝනා" තුන්වන රැල්ල මත සිට ලියමි

නව කොරෝනා එසේත් නැතිනම් SARS-CoV-2 වෛරසයේ විකෘති ගනනාවක් මේ වන විට හදුනාගෙන ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණයන්ට අනුව එක්සත් ජනපද විකෘතිය B.1.1.7 ( VOC202012 / 01 හෝ 501Y.V1) මේ වනවිට ලංකාව ආක්‍රමණය කරමින් පවතී.

ලෝකයේ විශාලතම එන්නත් නිපදවන්නා එනම් ඉන්දියාව මේ වන විට එන්නත් කරණය අතහැර තිබේ. එයට හේතුව දරාගත නොහැකි ලෙස ආසාදිත සංඛ්‍යාව ඉහල ගොස් ඇති බැවිනි.

තවමත් සාර්ථක ලෙස මෙම ආසාදනය පාලනය කිරීමේ අවස්ථාව අපටද උදාවී නැත. සමාජ දුරස්ථභාවය, සබන් යොදා අත් සේදීම, මාස්ක් භාවිතය , ආසාදිත පුද්ගලයින් වෙන්කර තබා ගැනීම, විශබීජහරනය වැනි ක්‍රම මගින් මෙය තවමත් පාලනය කිරීමේ අසීරු ක්‍රියාදාමයක නියැලෙමින් සිටී.

• මහ ජනතාවගේ කාර්යභාරය සාර්ථකව සිදු වුනාද?

1. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම

ආසාදිත පුද්ගලයින් සාමාන්‍ය පුද්ගලයින් හා ගැටීම අවම කිරීමට රජය ගත් මෙම ක්‍රියාමාර්ගය සදහා මහජනතාවගේ සහයෝගය කෙසේදැයි සොයාබලමු.
"කොරෝනා" සාමාන්‍ය කරණය වූ නිසාදෝ බොහෝ විට ඒ පිලිබදව තැකීමක් නැති බව පෙනීයයි. නීති රීති උපදේශන කෙසේ උවත් තැකීමක් නොකරන පිරිස් මගින් රට පුරා රෝගය පැතිරවීමට විශාල දායකත්වයක් සපයයි.

2. සබන් යොදා තත්,20 ක් වත් අත් සේදීම හා Sanitizers භාවිතය

මෙය තවමත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙයි.

3. මාස්ක් භාවිතය

ප්‍රමිතියට නිශ්පාදනය කල මාස්ක් භාවිතය අඩු බවක් දැනුනත් බෙහෝ දෙනෙක් මාස්ක් භාවිතයට හුරුවී ඇත. තවමත් මාස්ක් භාවිතයේ ප්‍රධාන අරමුන ආසාදිත පුද්ගලයින්ගෙන් නිරෝගී පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම වැලැක්වීමයි.
කනගාටුවට කාරනය නම් පිරිසක් මාස්ක් "නිකට, බෙල්ල, කට, හිස" වැනි ප්‍රදේශයන්ට පැලදීමත් භාවිතා කරන මාස්ක් හිතුමතේ තැන් තැන් වල ඉවත දැමීමත් ය.

4. ආසාදනය වූවා දැයි සැක සහිත පුද්ගලයින් සාමාන්‍ය අයගෙන් වෙන්කර තබා ගැනීම.

නිරෝධායනය ක්‍රියාවලිය යටතේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මැදිහත්ව සිදුකරන මෙම ක්‍රියාවලිය සාර්ථක බව පෙනෙයි. මේ වන විට එම මධ්‍යස්ථාන උපරිම ධාරිතාවයේ පවතී.

5. විශබීජ හරණය

0.1- 1.0% සෝඩියම් හයිපොක්ලෝරයිඩ් හා 70% එතිල් ඇල්කොහොල් බහුලව භාවිතා කරයි.
නිසි ක්‍රමවේදයකට නොමැතිව කෙලින්ම ශරීරයට ස්ප්‍රේ කිරීම වැනි ක්‍රියා නිසා ඇස්, ශ්වසන පද්දතිය , සම විනාශ වීම සිදුවිය හැක.
තවමත් බොහෝ තැන් වල භාවිතයට නොගත්තත් සංවෘත ප්‍රදේශ ජීවානුහරනය කිරීමට (පුද්ගලයින් ඉවත්කර) ෆෝමලීන් වාශ්ප භාවිතා කල හැකිය.
යකඩ අඩංගු උපකරණ යන්ත්‍ර පරිගනක ගේ දොර උපකරණ වලට සෝඩියම් හයිපොක්ලෝරයිඩ් යෙදීම නිසා ඉතා ඉක්මනින් මලකඩ ඇතිවී දිරායාම සිදුවී විනාශ වෙයි. එවැනි යකඩ අඩංගු දේ සෝඩියම් හයිපෝක්ලෝරයිඩ් වෙනුවට 70% එතිල් ඇල්කොහොල් යොදා වෛරසය විනාශ කල හැක. නැතහොත් ආර්ථික අවපාතයක් ඇති මේ අවස්ථාවේ යන්ත්‍ර විනාශවීම තවත් බරක් වනු ඇත.

ඉතා ඉහල සංවේදී තාවයක් ඇති RT-PCR දිනකට සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව ඉහල දැමීම නිසා හදුනාගන්නා ආසාදිත සංඛ්‍යාව ඉහල ගොස් ඇත.
එයට හේතුව Cluster ප්‍රමානය ඉහල යමින් පවතින බැවිනි.

ආසාදිත සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහල යමින් පවතින අතර රෝහල් ගතවන ප්‍රමානය ඉහල යමින් පවතී. තත්වය මෙසේ පැවතුනහොත් ඉතා ඉක්මනින් සෞඛ්‍ය අංශ වලට දරාගත හැකි සීමාව ඉක්මවනු ඇත.

එසේ වුවහොත් සිදුවන්නේ කුමක්ද ?

සරලවම කිවහොත් ඉන්දියාවට සිදුවුන දේ අපටද සිදුවනු ඇත. අපගේ රට වැනි තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකට මෙය පාලනය කරගත නොහැකි වුවහොත් සිදුවන ජීවිතහානි ඉතා ඉහල යනු ඇත.

රජයකට පාලනය කල හැකි වන්නේ යම්කිසි සීමාවක් දක්වා පමනි. මහජනතාව මේ අවස්ථාව වඩාත් හොදින් තේරුම්ගත යුතුය.
පෞද්ගලික අංශයේ සියලු කර්මාන්ත ශාලා වසා දැමුව හොත් එහි රැකියා කරන ලක්ෂ 50කට අදික පිරිසක් හා ඔවුන්ගේ පවුල් දැඩි ආර්ථික අසීරුතාවයකට පත්වනු ඇත. දෛනිකව රැකියා කරන ලක්ෂ ගනනක්, ඔවුන්ගේ පවුල් අසීරුතාවයට පත්වනු ඇත. රටම දැඩි ආර්ථික අගාදයකට වැටෙනු ඇත.

රජයේ සීමාව ඉක්ම යමින් පවතින මේ අවස්ථාවේ එලබී ඇත්තේ මහජනතාවගේ කාර්ය ඉටුකල යුතු අවස්ථාවයි.
සියලුමදෙනාම තම තමන්ගේ වගකීම අනිවාර්යයෙන්ම ඉටුකල යුතු අවස්ථාව එලබ ඇත.
දෙවන රැල්ල හා සැසදීමේදී දිනක PCR පරීක්ෂණ ප්‍රමානය මත, ආසාදිත සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වී ඇත.

ඉතාම කෙටි කාලයක් තුල කොරෝනා වෙනුවෙන් වෙන්කළ රෝහල් උපරිම ධාරිතාවය කට ලඟා වී ඇත.

දැඩි සත්කාර ඒකක වල කොරෝනා රෝගීන් සදහා පහසුකම් සැපයීමට ඇති ඇඳන් ප්‍රමානය සීමිත වෙමින් පවතී.

ආසාදිතයින් සදහා වෙන්කළ නිරෝදායන මධ්‍යස්ථාන පිරී යමින් පවතී.

ආසාදිතයන්ගේ සංකූලතා දෙවන රැල්ල හා සැසදීමේදී අධික වී ඇත.

සෞඛ්‍ය කාර්ය මන්ඩලය ආසාදනය වීම දිනෙන් දින ඉහල යමින් පවතී.

අප සියලු දෙනාගේ වගකීම ඉටු කල හොත් ඉතා ඉක්මනින් රට යතා තත්වයට ගෙන ආ හැක. එසේ නොවුව හොත් "පැනඩෝල්" පෙත්තක් වත් නොමැතිව මහ මග මිය යා හැක.
අප මෙය කල යුතුමය. අපට මෙය පාලනය කල හැක.

This image has an empty alt attribute; its file name is rajith-priyangakara-mlt.jpg

රජිත් ප්‍රියංකර ගමගේ