2021 දී රටවල් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ග්ලාස්ගෝ දේශගුණික ගිවිසුම (Glasgow Climate PactA) 26 වැනි COP26 සමුළුවේදී සම්මත කර ගත්හ. COP26 විසින් ඓතිහාසික 2015 පැරිස් සම්මුතියේ දී කරන ලද මුල් දේශගුණික ප්‍රතිඥාවන් සැලකිය යුතු ලෙස සංශෝධනය කරන ලද අතර, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට සහ එය පූර්ව කාර්මික යුගයට වඩා “සෙල්සියස් අංශක 2.0 ට වඩා අඩුවෙන්” තබා ගැනීමට රාජ්‍යයන් එකඟ වූහ.
නමුත් දැනටමත් සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1කින් පමණ ඉහළ යමින් පවතින අතර, ආන්තික කාලගුණයේ සහ මුහුදු මට්ටම ඉහළ යාමේ භයානක බලපෑම් වළක්වා ගැනීමට ලෝකයට අවශ්‍ය නම් තීරණාත්මක ක්‍රියාමාර්ග ගත යුතුය.
ජාත්‍යන්තර විද්‍යාත්මක සම්මුතිය වන්නේ 2050 වන විට හරිතාගාර වායු විමෝචනය (Greenhouse gas emissions) හැකිතාක් බිංදුවට, එනම් ශුද්ධ-ශුන්‍යයට (Net-zero) කපා දැමිය යුතු බවයි. මේ සඳහා අද අප දන්නා පරිදි සමාජයේ සෑම අංශයකම වේගවත්, දුරදිග යන සහ පෙර නොවූ විරූ වෙනස්කම් අවශ්‍ය වේ.
හරිතාගාර වායු (2020 දත්ත) විමෝචනය කරන ඉහළම රටවල් දහයෙන් හතරක්1 (චීනය, ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව) ආසියා සහ පැසිෆික් කලාපයට අයත්වේ. මෙකී රටවල් වල හරිතාගාර වායු විමෝචන ශුද්ධ ශුන්‍ය ඉලක්කය (Net-zero target) සපුරා ගැනීම සඳහා ඉතා වැදගත් වේ.
කෙසේ වෙතත් කලාපයේ බොහෝ රටවලට පරිසරයට හානියක් නොවන පරිදි ආර්ථික වර්ධනය උපරිම කරන රේඛීය ආර්ථික (Linear Economy) ආකෘතියෙන් (Take-make-dispose economic modelB) ක්ෂණයෙන් ඉවත් විය නොහැකිය. ඇතැම් රාජ්‍ය ඔවුන්ගේ අධික ජාත්‍යන්තර ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීම සඳහා රේඛීය ආකෘති ක්‍රියාදාමයන් තුළ සිරවී සිටිති.
දැනට පවතින රේඛීය ආර්ථික බලවේගයන් හරිතාගාර වායු විමෝචනයන් වේගවත් කරවීමෙන් (linear economic model driving emissions) ඉවත් වීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී. 2015 COP සිට සිදු කරන ලද ගෝලීය කැපවීම් නොතකා, ගෝලීය හරිතාගාර වායු විමෝචනය 2021 දී නව වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති අතර, 2020 දී කෝවිඩ් වසංගත ව්‍යාප්ති සීමාවන් නිසා අවම තත්වයකට පැමිණියද පසුව නැවතත් ඉහළ යමින් පවතී2.
චක්‍රීය ආර්ථිකයට නැඹුරුවීමට යොදාගත හැකි පිළියම් වනුයේ, ඒදිනෙදා අප විසින් පාවිචිචි කරන ද්‍රව්‍යයන් ක්‍රමාණුකූලව
ඉහත සඳහන් 9-Rs සංකල්පයන් මගින් චක්‍රීය ආර්ථික ආකෘතියනට (Circular Economy Model) සංක්‍රමණය පහසු කරවයි.
වඩා හොඳ පාරිසරික සහ සමාජීය ප්‍රතිඵල සොයන අතරම ආර්ථික අවස්ථා ඒකාබද්ධ කරන ක්‍රමානුකූල ප්‍රවේශයක් චක්‍රීය ආර්ථික ආකෘතිය මගින් යෝජනා කරයි. තරඟකාරිත්වය දිරිමත් කිරීම සහ වඩාත් ඔරොත්තු දෙන සැපයුම් දාමයන් (Resilient supply chains) වර්ධනය කිරීම සඳහා චක්‍රීය ආර්ථික රාමුවේ විභවයන් වෙත රජයන් උනන්දු වෙමින් සිටී. ඒ අතරම, ව්‍යවසායයන්ට තම කාබන් පියසටහන් (Carbon footprints) අඩු කරන මෙහෙයුම් ප්‍රතිනිර්මාණය කිරීමට හැකි වන අතරම පිරිවැය අඩු කිරීම, ආදායම් වැඩි කිරීම සහ දේශගුණය ආශ්‍රිත අවදානම් කළමනාකරණය ද එමගින් සිදු කරයි.
චක්‍රීය ආර්ථීක ආකෘතියේ ප්‍රතිලාභ දැනට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෙදාගැනීමේ ආර්ථික (Sharing EconomyD)” ක්‍රියාවලියන් ශක්තිමත් කරමින්, ඩිජිටල් ආර්ථික ක්‍රමවේදයන් විස්තාරණය කර ඇත.
COP26 ගෝලීය ශුද්ධ ශුන්‍ය (Global net-zero) සුරක්ෂිත කිරීම සඳහා උපාය මාර්ගික ඉලක්ක හතරක් හඳුනාගෙන ඇත. ඒවා දැනට පාලනයකින් තොරව සිදුවන හරිතාගාර වායු විමෝචන කටයුතු,
ගල් අඟුරු ඉවත් කිරීම වේගවත් කිරීම, වන විනාශය මැඩපැවැත්වීම, විදුලි වාහන වෙත මාරුවීම සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනයන් වැඩි කිරීම සඳහා ජාතික වශයෙන් ඇති කරගෙන ඇති ඒකඟතාවයන් සහ කැපවීම් යාවත්කාලීන කිරීමට (Mitigation and Adaptation Pillars) COP26 රජයන්ගෙන් ඉල්ලා සිටී.
මෙම අභිලාෂකාමී සැලසුම් වෙත ස්ථිරසාර මූල්‍යකරණයෙන් (Concrete financing) පිටුබලය ලබාදිය යුතු අතර මේ සඳහා ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 100ක් වසරකට අවම වශයෙන් අවශ්‍ය වේ. දේශගුණික අර්බුද අවම කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා ලොව පුරා වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සම්පත් ඒකරාශී කරගැනීමට පහසු මූල්‍යකරණයන්ට ප්‍රවේශ විය හැකි මාර්ගයන් පුද්ගලික සහ රාජ්‍ය මූල්‍ය ආයතන අතර සහයෝගීතාව මත ගොඩනඟා ගතයුතු වේ.
කෝවිඩ් වසංගතයෙන් ආර්ථිකයන් යළි ගොඩනැංවීම සඳහා උත්තේජක පැකේජ ලබා දීමේදී ජනතාවගේ අවශ්‍යතා සහ දේශගුණික අවදානම් අවම කරවිමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන (International financial institutions – IFI) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
ආසියා සහ පැසිෆික් කලාපයේ සක්‍රිය තීරණාත්මක සංවර්ධන මූල්‍ය ආයෝජකයෙනු වන ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) පහත සඳහන් ප්‍රමුඛ උපාය මාර්ග යෝජනා කරයි,
මෙම උපාය මාර්ග සඳහා ආසියානු සංවර්ධන බැංකුව සිය කැපවීම ඉස්මතු කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුව සහාය දක්වන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී වෘත්තීය සමිති ඇතුළු සිවිල් සමාජය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමටද ඔවුන් කැපවී සිටී.
කාබන් වියුක්ත ආර්ථිකයට Decarbonised EconomyE සාධාරණ සංක්‍රමණයක් සඳහා සහාය දීම, ප්‍රවර්ධනය කිරීම සහ ඉල්ලා සිටීම ඇතුළුව දේශගුණික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට ඉල්ලා සිටීමට වෘත්තීය සමිති මූලිකත්වය ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඒහිදී කිසිම සේවකයෙකුට සිදුවිය හැකි අවාසි සහගත තත්වයන්ගෙන් මඟහැර යෑමට ඉඩතැබිය යුතු නොවේ.
UNI Asia and Pacific Regional Organization (UNI Apro) වසර 15ක අත්දැකීම් සහ යුගමෙහෙවර නියැලීම සමඟින්, චක්‍රීය ආර්ථිකයේ මූල්‍යකරණ අවස්ථා උදාකරගැනීම් පිළිබඳ සාකච්ඡා උත්තේජනය කිරීම සඳහා බහු පාර්ශ්වකරුවන්ගේ කලාපීය සමාජ සංවාද මෙහෙයවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ හවුල් වීමට හොඳින් ස්ථානගත වී ඇත. තවද මෙම හවුල්කාරිත්වය හරහා, ශුද්ධ ශුන්‍ය ඉලක්ක සහ සමෘද්ධිමත්, දේශගුණික ව්‍යසනයන්ට ඔරොත්තු දෙන සහ තිරසාර ආසියා සහ පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමේ දැක්ම නිශ්චිතව ළඟා කරගැනීමට වඩා හොඳ අවස්ථාවක් ලැබෙනු ඇත.

(ඡායාරූප විස්තරය: සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් ඉදිකරන ලදැයි සැලකෙන කණ්ඩලම වැව් පද්ධතියට හානියකින් තොරව කණ්ඩලම හෝටලය (The Heritance Kandalama) ඉදිකර ඇති කච්චාන් පිහිනුම් තටාකය මෙම ඡායාරූපයේ දැක්වේ. පාරිසරික හා සංස්කෘතික උරුම සංරක්ෂණයට හානියක් නොවන පරිදි ආර්ථික සංවර්ධනයක් සිදුකර තිබීම ඉස්මතු කරයි. ඡායාරූපය: ජේ ප්‍රියලාල් )
සටහන: ආසියානු සංවර්ධන බැංකුවේ 2022, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තසබූ 55 වන වාර්ෂික රැස්වීමේ, සිවිල් සමාජ සංසදය සඳහා සංකල්ප පත්‍රිකාවක් ලෙස UNI Apro Finance විසින් ඉදිරිපත් කල සංකල්පිත මුල් යෝජනාවකින් මෙම ලිපිය සංස්කරණය කර ඇත.
වචනාර්ථ
