කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා මුදල් - ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා මුදල් - ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතා ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් 2023 වසරේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතග තවද එක්සත් ජාතීන්ගේ 1325 යෝජනා සම්මතයේ මූලධර්ම මත පදනම්ව සකස් කරන ලද කාන්තාවල සාමය සහ ආරක්‍ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2023 මාර්තු 8 වන දින පාර්ලිමේන්තුවේ කාන්තා බල මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට භාර දෙන ලදීග ළඟදීම කාන්තා කොමිසමක් පිහිටුවීමට ද නියමිතයග

මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරකම් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයග මේ සඳහා අරමුදල් අවශ්‍ය වනු ඇතග ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අයවැයකරණයේ මූලික අභියෝගය වන්නේ අයවැයෙන් කාන්තාවන් සඳහා ප්‍රමාණවත් තරමින් මුදල් වෙන් නොකිරීමයිග ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කළ පමණින් ප්‍රමාණවත් වන්නේ නැතග ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම රුපියල් සහ ශත බවට පරිවර්තනය කළ යුතුව තිබේග

මෙය කාන්තා අමාත්‍යාංශයට පමණක් සීමා නොවී සියලුම අමාත්‍යාංශවල අභියෝගයක් වනු ඇතග ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව හා කාන්තා සමානාත්මතාව සම්බන්ධව ජනාධිපතිවරයා නිරන්තරයෙන් හා අඛණ්ඩව පැහැදිලි කර ඇති දැක්මට නායකත්වය දීම සඳහා 2024 වන විට කාන්තා අමාත්‍යවරියක් පත් කිරීම ද අවශ්‍ය වේග

පහත දැක්වෙන්නේ 2024 අයවැය යෝජනා කීපයකි

3. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප 

වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුපල සේවකයන් සිය මූලික වැටුපෙන් සියයට 6‐7 ක දායකත්වය ලබා දෙනු ලබන දායකත්ව විශ්‍රාම වැටුපක්ග වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප ගෙවීම සඳහා රජය වසරකට රුග බිලියන 65 ක් පමණ වැය කරනවාග සේවකයන්ගෙන් වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වන වාර්ෂික දායකත්වය රුග බිලියන 38 ක් වනවාග එම නිසාල රාජ්‍ය සේවකයන්ගෙන් අය කර ගනු ලබන මුදල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වන්නේ නැහැග 2024 අප්‍රේල් මාසයේ සිට සියලුම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට 8 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවාග මෙම ගැලපීම මඟින් වසරකට රුපියල් බිලියන 9 ක් එකතු කර ගැනීමට හැකි වෙනවාග එමෙන්මල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ අඛණ්ඩතාවය ඒ මඟින් තහවුරු කරගන්නට පුළුවන් වෙනවාග

43. කාන්තාවන් සවිබල ගැන්වීම

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය හඳුන්වා දීමට හා ඒ හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමට මා යෝජනා කරනවාග කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වන නීති හඳුන්වා දීමට ද අප කටයුතු කරනවා.

44. අත්යන්ත්‍ර

අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරත කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

2024 අය-වැය

කාන්තා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය

    2003      2024
 පුනර් ජීවන වියදම්    149000  72801
 ප්‍රාග්ධන වියදම්   3000   1733
 මුලු වියදම්   152000   74534
   4.1%    1.4%

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52%ක් ස්ත්‍රීන් ගෙන් සමන්විත වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ගෘහ මූලික පවුල් සංඛ්‍යාව 23% කි. යුද්ධයෙන් අවතැන් වූ පවුල් මෙම සංඛ්‍යා ලේඛනයන්ට ඇතුළත් කොට නැත. නිදහස් වෙළෙඳ කලාපයේ ශ්‍රම දායකත්වය සපයන්නන්ගෙන් 90% ක් කාන්තාවන් ය. මැද පෙරදිග සේවය කරන අඩු නිපුණතා ක්ෂේත්‍රයට අයත් ශ්‍රමිකයන්ගෙන් 75%ක් කාන්තාවන්ය.එදිනෙදා වැටුප් ලබන කාන්තාවන් ඉතා විශාල පිරිසක් කෝවිඩ් වසංගතය හේතුවෙන් මහ මගට වැටී ඇතත් ඒ පිළිබදව සංඛ්‍යා ලේඛණ නොමැත. අප රටේ දිළිඳු ජන කොටස් අතර අන්ත දිළිඳු තත්ත්වයේ සිටින පිරිස කාන්තාවන් වේ. එම නිසා මෙම අය-වැයෙන් කාන්තාවන්ට සෙත සැලසීමට රජය කටයුතු කරන්නේ කෙසේද යන්න විමසීම වැදගත් ය.

කාන්තා සංවේදී අය-වැයකරණය

සමාජයේ සෑම ක්ෂේත්‍රයෙහිම පාහේ තීරණ ගැනීමේදී බොහෝ විට කාන්තා මතයට ඉඩක් නොලැබේ. කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා වෙනත් හිංසන ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර, බාහිර පරිසරයෙන් සහ පොලීසිය ඇතුළු වෙනත් අධිකාරීන් වෙතින් ලැබෙන සහයෝගය ද අඩුවීම නිසා, පවත්නා නීති රීති මගීන් සහනයක් ලබා ගැනීමද අපහසු වී ඇත. සම අයිතිවාසිකම් භුක්ති විඳීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත වුවද එම අයිතිය කාන්තාවන් වෙතින් ගිලිහී ඇත. එසේ වීමට හේතුව කාන්තාවන් කෙරේ සංවේඳී නොවන අපගේ සමාජ සංස්කෘතික සම්ප්‍රදායන් සහ ඇවතුම් පැවතුම් යැයි අපි කල්පනා කරමු. බොහෝ විට ආර්ථිකය හා සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන දත්ත ස්ත්‍රී හා පුරුෂ ආදී ලෙස වර්ගීකරණය නොවේ. ඒ නිසාම කාන්තාවන්ගේ සංවර්ධනය, සුබසාධනය මෙන්ම අයිතිවාසිකම් භුක්ති විදීම සම්බන්ධයෙන් නිර්ණායකන් ගොඩ නැගීමද අපහසුව ඇත.

මේ නිසා මෙවර අය-වැය තුළින් තුළ රජය කොතරම් දුරට කාන්තා අයිතිවාසිකම් සහ සුබසාධනය කෙරෙහි අවධානය යොමු කර ඇත්දැයි විමසා බැලීම අප කාගෙත් වගකීමක් වන්නේය.

කාන්තා සංවේදී අය-වැයක් යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

කාන්තා සංවේදී අය-වැයක් යන්නෙන් අදහස් වන්නේ කාන්තාවන් සදහා වෙනම අය-වැයක් නිර්මාණය කිරීම නොවේ.

මෙයින් අප බලාපොරොත්තු වන්නේ රටේ අය-වැයකරණ ක්‍රියාවලිය හරහා කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය කෙරේ ඇතිකරවනු ලබන බලපෑම විග්‍රහ කිරීමකි. කාන්තා කටයුතු පිළිබඳ ව වෙන්වූ අමාත්‍යංශයක් පිහිටුවා නොතිබීම නිසා 2021 හෝ 2022 අය-වැය ලේඛණය තුල කාන්තා කටයුතු අමාත්‍යංශයක් සඳහා වැය ශීර්ෂයක් නොපවතී.එම නිසා මේ වන විට බරපතල ගැටලු රාශියක් කෙරේ ඔබගේ අවධානය යොමු නොවන බවද අපගේ වටහා ගැනීමයි. මේ නිසාම ශ්‍රී ලාංකික කාන්තාවන් ගේ ජීවිත පැවැත්මට අදාලව මුහුණ දෙන්නා වූ අභියෝගයන් ගණනාවක් සම්බන්ධයෙන් කරුණු මෙවර අය-වැයේදී ඉස්මතු කිරීම වැදගත් යැයි අපි කල්පනා කරමු. 52% ක් වන ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් මෙවර ඉදිරිපත් කර ඇති අය-වැය මගින් වෙන් කර ඇති කොටස ඔබ හදුනාගන්නේ කෙසේද ?

කාන්තා සංවේදි අය-වැයකරණයේ ඉතිහාසය

1995 වර්ෂයේදී බීජින් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා සමුළුවේදී ගනු ලැබූ සුවිශේෂී තීරණයක් වූයේ සියලුම තීන්දු ගැනීමේ මණ්ඩල තුල 30% ක කාන්තා නියෝජනයක් තහවුරු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය මගින් සහතික කළ යුතු බවය. එපමණක් නොව ඊට වසර 5 කට පසුව කරන ලද සමාලෝචන රැස්වීමකදී එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට වෙන් කරනු ලබන මුදල නිශ්චිත කිරීමත් රජයේ ප්‍රතිපත්ති තුළ අඩංගු විය යුතු බව සම්මත කරගන්නා ලදි.

මේ ක්‍රියාදාමය හදුන්වන ලද්දේ කාන්තා සංවේදී අය-වැයකරණය වශයෙනි. 2003 ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය ඇතිව ශ්‍රී ලංකාව සිය ජාතික අයවැය ඇස්තමේන්තුව විශ්ලේෂණය කිරීම සදහා පොදු රාජ්‍ය මණ්ඩලය හා යුනිෆෙම් ආයතනයට ආරාධනා කරන ලදි

මෙමඟින් 1999 සිට 2003 කාලය දක්වා කාලය තුළ සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය, කර්මාන්ත සහ සමාජ සේවා යන අමාත්‍යාංශ වල වැය ශීර්ෂ අධ්‍යයනය කරන ලදි.

1999 සිට 2003 කාල පරාසය තුල අය-වැය වාර්තා දීර්ඝ විශ්ලේෂණයකට භාජනය කිරීමේදී පෙනී ගිය කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ එවකට පැවති අමාත්‍යාංශ 58 අතුරින් කාන්තාවන් සඳහාම වන වැඩසටහන් දියත් කර තිබුනේ අමාත්‍යාංශ 7 කින් පමණක් බවය.

කාන්තා කටයුතු අමාත්‍යාංශය හැරුණු විට කාන්තා වැඩසටහන් සඳහා ඍජුව දායක වී ඇති අමාත්‍යාංශ වූයේ සමාජ සේවා අමාත්‍යාංශය, සමෘද්ධි අමාත්‍යාංශය, කම්කරු හා රැකියා අමාත්‍යාංශය, තෘතීය අධ්‍යාපන සභ පුහුණු අමාත්‍යාංශය, සෞඛ්‍යය අමාත්‍යාංශය හා ධීවර අමාත්‍යාංශය යි.

මෙම අධ්‍යයනයේදී පොදුවේ අයවැය සහ එම අමාත්‍යංශවල වියදම් අවධානයට යොමු විය. ඒ අනුව පහත සදහන් කරුණු ආණ්ඩුවේ අවධානයට යොමු කර තිබුණි. එම අධ්‍යයනයේ සොයාගැනීම් පහත දැක්වේ.

වියදම් සම්බන්ධ සොයාගැනීම්

අය-වැයෙන් ජනතාවගේ පොදු සහන සැපයීමේ දි හෝ සංවර්ධනය සඳහා සම්පත් වෙන් කිරීමේදි අසමානතාවයක් දක්නට නො ලැබිණි එය සාධනීය කරුණක් වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදමෙන් 48% ක් කාන්තා ප්‍රතිලාභ සඳහා දායක වී තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 56% ක්ද, සමාජ සේවා අමාත්‍යාංශයෙන් 57% ක්ද, කාන්තාවන් සඳහා ප්‍රතිලාභ ලබා දීමට දයක වී තිබුණි. කෘෂිකර්මාන්තය හා කර්මාන්ත අංශ වලට අදාළ රාජ්‍ය වැඩසටහන් වල දී  කාන්තාවන් සඳහා ප්‍රතිලාභ ලබා දීම අවම මට්ටමක පැවතින.

ආණ්ඩුව විසින් දියත් කරනු ලබන විවිධ සංවර්ධන ව්‍යාපෘති තුල කාන්තාවන්ගේ සහභාගිත්වය අවම මට්ටමක පැවතින. මෙම වැඩසටහන් පොදු ජනතා ව්‍යාපෘති පදනමක ක්‍රියාත්මක කිරීම තුළ කාන්තා සහභාගිත්වය තහවුරු වේ යැයි උපකල්පනය කළ ද එසේ සිදු වී නොමැත. අය-වැය ප්‍රතිපත්ති තුල කාන්තා සහභාගිත්වය වර්ධනය කර ගැනීම සඳහා නිශ්චිත දර්ශක නොතිබිණි.

වනිතා කටයුතු අමාත්‍යාංශයට වෙන්ව තිබුණේ 0.02% පමණි. එසේම වැඩසටහන් සම්බන්ධව ඔවුන් මෙසේ දක්වා තිබුණි. ඉහත සඳහන් අමාත්‍යාංශ 7 සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය සමස්ත අය-වැයේ මුළු වියදමෙන් 7.68% ක ප්‍රමාණයක් විය. එය පොළී රහිත රාජ්‍ය වැයෙන් 9.35% ක් විය. මෙම අමාත්‍යාංශ 7 අතුරින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා සමෘද්ධි අමාත්‍යාංශය අනෙක් ඒවාට සාපේක්ෂව වැඩි මුදල් ප්‍රමාණයක් වැය කොට තිබිණ. ආණ්ඩුවේ සමස්ත වැය ශිර්ෂයන් අතුරින් කාන්තා කටයුතු අමාත්‍යාංශය සඳහා වෙන් කොට තිබුනේ 0.02% ක තරම් අවම ප්‍රමාණයකි. අන් සියළුම අමාත්‍යාංශ වල කාන්තාවන් ඉලක්ක කොට පවත්වන වැඩසටහන් 39ක් වූ අතර කාන්තා කටයුතු අමාත්‍යාංශය හැර අන් සෑම අමාත්‍යාංශයකම කාන්තාවන් ඉලක්ක කර පවත්වන ලද වැඩසටහන් සඳහා වෙන් කොට තිබුනේ ඉතා අවම මුදල් ප්‍රමාණයකි.

කාන්තා කටයුතු අමාත්‍යාංශය කාන්තාවන් ඉලක්ක කරගෙන පවත්වන ලද වැඩසටහන් සඳහා 40.52% ක් වියදම් කර තිබුණි. එහෙත් මෙම අමාත්‍යංශයට මුළු රාජ්‍ය වැයෙන් වෙන් කර තිබුනේ 0.02% පමණකි. එම නිසා කාන්තා කටයුතු අමාත්‍යාංශ වැය ශිර්ෂයෙන් වැඩි ප්‍රමාණයක් කාන්තා වැඩසටහන් ඉලක්ක කොට වෙන් කරන ලද බව පෙනී ගියද, එය ප්‍රමාණවත් යැයි පිළිගත නොහැකි තත්වයක තිබූ බව පෙන්වා දෙන ලදි

මේ තොරතුරු සම්බන්ධව මෙරට ආන්ඩුව කුමන පියවර ගත්තේදැයි අපි නොදනිමු මෙම අයවැයේදී වියදම් සහ වැඩසටහන්න් සදහා මුදල් වෙන් කිරීමේදී අනුගමනය කරන ලද ප්‍රතිපත්ති තුළ ස්ත්‍රී සංවේදී අයවැය කරණයට ඉඩ තිබිණිද ? එසේ වූවේනම් ඒ පිළීබඳව තොරතුරු ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමක් නොවන්නේද ?

ගරු මන්ත්‍රී වරුනි / මන්ත්‍රීවරියනි;

මෙවර අයවැය විවාදයේදී පහත සදහන් කරුණු සාකඡාවට ලක්වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.

රටේ වියදම සදහා වෙන් කර ඇති මුදලින් කාන්තාවන්ගේ සමාජ තත්ත්වය, සුබසාධනය හා සමාජ ආර්ථික දේශපාලන ක්ෂේත්‍රයන්හී අයිතිවාසිකම් ලබා දීමට වැඩසටහ්න් ක්‍රියාත්මක කිරීමට විවිධ අමාත්‍යංශ හරහා ඇස්තමේන්තු කර ඇති මුදල කොපමණද?

වතුකරයේ මන්දපෝෂණය තුරන් කිරීමට කොතරම් මුදල් වෙන්කොට තිබේද? අවතැන් වූ කාන්තාවන් සංඛ්‍යාව කොපමණද? ඔවුන්ට රැකියා අවස්ථා සකසා දීම සහ වෙනත් සුබසාධන කටයුතු වලට ප්‍රතිපාදන වෙන් කර තිබේද ? එය කුමන අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේද ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කොට ඇති පරිදි සමාන අයිතිවාසිකම් භුක්ති විඳීම සහතික කිරිම සඳහා අධ්‍යාපන හා සමාජ දැනුවත්කම් වර්ධනය කරන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රජය පහසුකම් සලසන්නේ කෙසේද? මෙය කුමන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන්නේද ?

දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ වැඩසටහන් දියත් කිරීම සඳහා කොතරම් මුදලක් ඔබ වැය කිරීමට බලාපොරොත්තු වන්නේද ? එළඹෙන පළාත් පාලන මැතිවරණය හා ඉදිරි සැම මැතිවරණයකදීම සෑම දේශපාලන පක්ෂයක් විසින්ම 30% ක් කාන්තා නාමයෝජනා අයිතියක් ලබා දීමට ගෙන ඇති පියවර මොනවාද? ඒ වෙනුවෙන් අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබේද ? ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ට සහන සැලසීම සදහා කොතරම් මුදලක් ඇස්තමේන්තු කර තිබේද?

එමෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවීම සඳහා ගන්නා ඉදිරි පියවර මොනවාද? කාන්තාවන් කොපමණ සංඛ්‍යාවක් සමෘද්ධි වැඩසටහනින් ඍජු ප්‍රතිලාභ හෝ ජීවනෝපාය අවස්ථා ලබා ඇත්ද? එබඳු ප්‍රගතියක් ලබා ගැනීමෙන් පසු සමෘද්ධි වැඩසටහනෙන් ඉවත් වූ කාන්තාවන් සංඛ්‍යාව කොපමණද? ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා දර්ශකය කුමක්ද?

කෝවිඩ් වසංගතය හමුවේ කාන්තාවන් සහ දරුවන් මුහුණ දී තිබෙන මනෝ සමාජීය ගැටලු සදහා හඳුනා ගැනීම හා ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම අය-වැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන මොනවාද? ඊට මූලික වන අමාත්‍යංශ මොනවාද ? එම අමාත්‍යංශ වල වැය ශීර්ෂ වෙන් වන්නේ කුමන වැඩසටහන් සදහාද? ලිංගික හිංසනය හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යන විෂයන්ට අදාලව ක්‍රියාශීලිව මැදිහත්වීම සදහා පොලීසියේ කාන්තා ඒකක සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම කෙසේ සිදුවන්නේද? ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධව පුහුණු පාඨමලා පැවැත්වීමට පොලීස් දෙපාර්තමේන්තුව තුළ වෙන් කර ඇති මුදල කොපමණද ?

කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට සංවේදීව නීති කෙටුම්පත් සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යංශය 2022 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වැඩසටහන් මොනවාද ? ඒ සදහා වෙන් වී ඇති මුදල කොපමණද ?

මෙරට අතුරුදහන්වූවන්ගේ පවුල් ඒකක කොපමණ තිබේද ? එහි ස්ත්‍රී හා පුරුෂ මූලික පවුල්

ඒකක කොපමණද ? අතුරුදහන් වූවන් වෙනුවෙන් 2019 අයවැය තුළ රුපියල් 6000/= ක සහන දීමනාවක් ලබා දීමට ප්‍රතිපාදන වෙන් කර තිබුණි ඒවා කෙසේ වියදම් වූවේද, ඊට අදාල තොරතුරු මෙම අයවැය සැලකිල්ලට ගෙන ඇත්ද ? නොඑසේ නම් මන්ද ? ශ්‍රී ලංකාවේ ස්ත්‍රී මූලික පවුල් ඒකක කොපමණ තිබෙන්නේද ? යුද්ධය නිසා වැන්දඹුවන් වූ කාන්තාවන් කොපමණ සිටින්නේද ? ඒ සදහා ඔවුන්ගේ ජීවිත නගාසිටුවීමට කුමන අමාත්‍යංශ වගකීම් ගෙන තිබෙන්නේද ? එයට වෙන් කල මුදල කොපමණද අධ්‍යාපන ක්ෂේත්‍රයේ තෘතියික අධ්‍යාපනයට වෙන් කර ඇති සම්පත් කුමන විෂය දාරවන් හරහා බෙදී යන්නේද ?

වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අවම වැටුප් තල නිර්ණය වන්නේ කෙසේද ? මෙම අය-වැයෙන් මෙම ක්ෂේත්‍රයේ කාන්තාවන්ට ලබා දී ඇති සහන මොනවාද ?

මැද පෙරදිග සේවය කරන කාන්තාවන් සංඛ්‍යාව කොපමණද? කෝවිඩ් වසංගත සමයේ ඔවුන් මුහුණ දුන් දුෂ්කරතා වලට පිළියම් යෙදීමට කොපමණ මුදලක් වෙන් කළේද ?

නිදහස් වෙළෙඳ කලාපයෙ කාන්තාවන් සංඛ්‍යාව කොපමණද ? ආයෝජක මණ්ඩලය හා කම්කරු දෙපාර්තමේන්තුව එක්ව ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිලිවෙලට 2021 කොපමණ මුදලක් වැය කරේද ? ඒ වෙනුවෙන් 2022 අයවැයෙන් වෙන් කල මුදල කොපමණද ?

| ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

(සමබිම)

(ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව දින 16 ක ක්‍රියාකාරීත්වය වෙනුවෙන්)