දිට්වා සුළි කුණාටුව සමග ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවල් වල ජනජීවිත වලට අත්කරදුන් ඉරණම ඛේදනීයය.මිනිසා සහ සියලුම ජීවීන්ගේ පොදු වාසස්ථානය වන පරිසරය රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම උරුමයක් බව සිහිපත්කරවීමට අදහස් කිහිපයක් පෙලගැස්වීමට මෙම ලිපි රචනාව යොදාගනිමි.
සොබා දහමේ සංයුතිය සකස්වී ඇති පරිසර ඒකක සහ ජෛව විවිධත්වයට විශේෂයෙන්ම මිනිසා සිය පැවැත්ම උදෙසා කර ඇති බලපෑම සීමාව ඉක්මවා ඇතිබව සිහිකරදීමට මෙවන් ව්‍යසනයක් කරන අනතුරු ඇඟවීම අවතක්සේරුවට ලක්කර බැහැර කර අමතක කල හැකිනොවේ.
සොබාදහම යන යෙදුමේ ගැඹුරු නිර්වචනය විමර්ශන කිරීමේදී එය සියලුම ජීවීන්ට රැකවරණය දෙන ධර්මයේම ස්වභාවය බව අපට තේරුම්ගත හැකිය. මෙම පොදු ධර්මය වෙන කිසිවක් නොව ශ්‍රී ලාංකේයන් වැඩි දෙනෙක් අදහන බුද්ධ ධර්මය යන්න පැහැදිලිය. මෙම ධර්මතාවයන් අතර ඇති සහ සම්බන්ධය කුමක්ද යන්න ප්‍රථමයෙන්ම විමසා බලා අවෙබා්ධ කරගනිමු. මෙකී යථාර්ථය “සොබාදහමට නොවෙන අවනත ලොවේ කිසිවක් නැහැ” යන ජනප්‍රිය ගීත කණ්ඩය තවදුරටත් පැහැදිලි කරයි.
බුදුදහම අනූව ඉපදෙන, ඇතිවෙන සියලුදේම නැතිවෙන සුළුය. මෙම ක්‍රියාවලිය විද්‍යානුකූලව අර්ත දැක්වෙන්නේ ශක්ති සංස්ථි නියමය ලෙසටය. (law of conservation of energy)විශ්වයේ පවතින සියලුම පදාර්ථ එක් ස්වභාවයකින් තවත් ආකාරයකට පත්වනුයේ එකී පදාර්ථයන්ට ආවේණික ශක්තිය තවත් තත්වයකට හුවමාරු කරවමින්ය. ඒ අනුව විශ්ව ශක්තිය මොනම ආකාරයකින් වත් ශුන්‍ය වීමට ලක් නොවේ.
තථාගත මහාකාරුණික ගෞතම බුදුරජානන්වහන්සේ පෘථිවිය පමණක් ඉලක්ක කරගෙන සිය උගැන්වීම සීමා නොකර තමන් විසින්ම මුළු විශ්වයේ පැවැත්ම සහ ශක්ති සංසරණය අධ්‍යනය කර සිය ධර්මතාවන් ලෝකයට හඳුන්වාදී ඇත.

ජීවයට සහ පරිසරය යන දෙකටම පොදු මහාභූත (great elements)
පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ අවකාශ මෙම මහාභූත පදාර්ථයන්. මේවා භෞතික වස්තූන් හැටියට විස්තර කරවීමට වඩා ඒවා පවතින තත්වයන්ට අනුකූලව පවතින ස්වභාවය අනුව තේරුම්ගැනීම වැදගත්වේ.තව දුරටත් පැහැදිලි කරගැනීමට ඒ සදහා ඉංග්‍රීසි භාෂාවෙන් සපයන අර්ථ කථනය විමසා බලමු.පඨවි (earth element), ආපෝ (water element), තේජෝ (fire element), වායෝ (air element), ආකාෂ (space element) යනුවෙන් විස්තර කලහැක. සියලුම ජීවීන් නිර්මාණය වී ඇත්තේ මෙම පදාර්ථයන්ගේ සංයුතියෙනි.
සියලුම ජීවීන්ට පොදු වාසස්ථානය වන පරිසරය ද නිර්මාණය වී තිබෙන්නේද මෙම පදාර්ථ යන්ගේම තවත් ආකාරයක සංයුතියෙනි.පඨවි, පෘථිවිය සැදුම්ලත් පාෂාණ ස්ථරයන්, ආපෝ, දියරමය ජලදහර, උෂ්ණත්වය ජනනය කරන තාපදහරා (තේජෝ) අභ්‍යාවකාෂය පුරා විහිදෙන වාතය (වායෝ) සහ අවකාශය යන මෙම මහාභූත වස්තූන්ගේ නිවරදි සමතුලිත බාවය ජෙෙව විවිධත්වය පවත්වාගැනීමට පිටිවහලක් වේ.
මිනිසා ඇතුළු සෙසු ජීවීන්ගේ පැවැත්ම රදාපවතින මහාභූත වස්තූන්ගේ සමතුලිත තාවය බිදවැටීම ඔවුන් විවිධ රෝගී තත්වයන්ට ගොදුරු කරවයි. විශේෂයින්ම චීන සම්ප්‍රදායානුකූල වෛද්‍ය ක්‍රමයේ, හෙළ වෙදකමේ, ආයුර්වේදයේ රෝගී තත්වයන් හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමට මෙම මහාභූත විචල්‍ය පිලිබඳ අවධානය යොමු කරවයි. චීන සම්ප්‍රදායානුකූල වෛද්‍ය ක්‍රමයේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට Yin and Yan ශක්ති විභවතාවන්ගේ බලපෑම් විමර්ශනය කෙරේ. එහිදී විවිධ ඉන්ද්‍රියන් තුල සිදුවන ශක්ති සංස්තිතිය විමර්ශනය කරයි. බටහිර යුරෝපීය වෛද්‍ය ක්‍රමවේදය භෞතික වස්තූන් කේන්ද්‍රීය ප්‍රතිකාර ක්‍රමවේදය පෙරදිග ආසියාණු කේන්ද්‍රීය ප්‍රතිකාර ක්‍රමවේදයින් වෙනස් වනුයේ ඔය ආකාරයටය.
සියලු ජීවීන්ට පොදු පරිසර පද්ධතියේ හටගන්නා අසමතුලිත තාවන් විවිධ පාරිසරික ගැටළු උපද්දවයි. මිනිසා සංවර්ධනය සහ මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණය උදෙසා පරිසරයට කල ඇති බලපෑම ඉවසා වදාරා සිට, පරිසරය අනතුරු ඇඟවීම කිරීමට පසුබට නොවේ. එහි සමස්ථ ප්‍රථිපලය සියළුම සත්වයන්ට සහ තුරු ලතාවන්ට දැඬි පීඩා එල්ල කරනු ලබයි. කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්ගෙන් ලොවපුරාම සිදුවන පාරිසරික බලපෑම් උග්‍රව තිබීම සඳහා බලපාන ප්‍රධාන සාධකයන් නිවැරදිව හඳුනා නොගැනීම, අර්බුදය තවත් සංකීර්ණ කර තිබේ.
සොබාදහම සියළු ජීවීන්ගේ තීරකයා යැයි පරිණාම වාදය තහවුරු කිරීම
පෘතුවිය සමතලාවක් බවත් එහි අන්තර්ගත සියලුම දේ මිනිසා වෙනුවෙන්ම මවා ඇති බව මැවුම්වාදය විශ්වාස කල බටහිර අධිරාජ්‍යවාදීන් පරිසරය ගැන හෝ සෙසු ජීවීන් හා සහජීවනය ගැන කිසියම් තැකීමක් නොදැක්වූ. හුදෙක් භෞතික ආර්ථික ප්‍රතිලාභ උපයාගැනීමට රේඛීය අර්ථ ක්‍රමවේදය අනුගමනය කලහ.මෙම විනාශ කාරී අර්ථ ක්‍රමය වර්තමාන කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්ට ඎජුවම බලපාන බව විද්‍යානුකූලව සාධක කොතෙක් ඉදිරිපත් කලත් ඔවුන් පිලිගැනීමට සූදානම් නැත. පරිසරයේ අත්‍යාවශ්‍යයෙන්ම පවත්වාගතයුතු ජෛව විවිධත්වය සතා සිව්පාවා සහ තුරුලතා අතර ඇති සහජීවනය පිලිබඳ කිසිම තැකීමකින් තොර හුදෙක් වස්තු තණ්හාව පෙරදැරි කරගත් සශ්‍රීකත්වය හුදෙක් මිත්‍යාවක් බව තේරුම් ගැනීමට කාලය පැමිණ ඇත.
බටහිර විද්‍යාඥයින්, සමාජ ගවේෂකයින් පෙරදිගට සංක්‍රමණය වීම සහ එවකට ආසියාවේ පැවැතුනු දියුණු ශිෂ්ඨාචාරයන් අධ්‍යයනය කිරීමත් සමඟ මැවුම්වාදයට කොටුවූ සිය අර්ථ දැක්වීම් වලින් මිදී විවෘත මනසකින් විද්‍යාණුකූලව සිය ගවේෂණයන් සහ දැනුම් පද්ධතීන් ගොඩනැඟීමට පසුබට නොවූහ. මෙම වකවාණුව තුල චීනය වසර 7000 ශිෂ්ඨාචාරයකට උරුමකම් හිමිකර ගෙන සිටීහ. පෙර අපරදිග අධිරාජ්‍යවාදී ආක්‍රමණයන්ට වැදගත්වූ වේඩි බෙහෙත්, මහද්වීප තරණයට උපකාරී වන මාලිමාව, රසදිය, වැනි දේ ඒවෙනවිටත් චීන ජාතිකයින් සොයාගෙන තිබුණි. මෙම සියළුම ද්‍රව්‍ය වලින් පිටුවහලක් සපයාගෙන බටහිර ජාතීන් පෙරදිගට නව ශිෂ්ඨාචාරයක් හඳුන්වාදීමේ මුවාවෙන් අත්කර දුන් ඉරණම පිළිබඳ පසුවිපරමක් කලයුතු වුවද, මෙම ලිපියේ අරමුණ එය නොවේ.
14 වැනි සියවසේ සිට ක්‍රමක් ක්‍රමයේන් යුරෝපීය ජාතීන් අත්කරගත් පුණරුදය සහ යුධ සංග්‍රාමික ශක්තිය සෙසු මහද්වීපවල පැවැති පාරිසරික සංහිදියාව සහ සංතුලිත ශිෂ්ඨාචාරයන් සියල්ලම විනාශ වී යාමට මුල්වීය. අපරදිග නිදහස් චින්තනයන්ගෙන් පෝශණය වූ බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්, චින්තකයින් මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමණය උදෙසා අපූර්ව හඳුන්වාදුන් සොයගැනීම් පසුකාලීනව 17 වැනි සියවසේ සිට බ්‍රිතාන්‍ය ප්‍රමුඛ කාර්මික විප්ලවය දියත් කරවීමට සමත් වීය. මෙහි පුරෝගාමී කාර්ය බාරයන් ඇඩම්ස් ස්මිත්, අයිසෙක් නිව්ටන්, ජේම්ස් වොට් සහ චාල්ස් ඩාවින් යන දාර්ශනිකයින් ඉදිරිපත් කලෝය. එහෙත් ඔවුන්ගේ අනගි සොයාගැනීම් වස්තු තණ්හාව පෙරදැරි කරගනිමින් යුරෝපීය ජාතීන් යුධකාමී බලලෝභී මානසිකත්වයෙන් විනාශකාරී යටත් විජිතකරණ වැඩපිලිවෙල යුරෝපීය නව පුනරුදයක් ගොඩනඟා ගැනීමටත් අධිරාජ්‍යන් බිහිකරවීමට උපයෝගීකරගත්හ.
සොබාදහමේ යථාර්තය අනුව යමින් එසේ ගොඩනැගුණු අධිරාජ්‍යයන් දැන් අවසන් හුස්ම හෙළමින් සිය බල පරාක්‍රමයන් සිදගනිමින් සිටී. ඒ සියළු කටයුතු පිළිබඳ නිවැරදි විද්‍යාණූකූල අධ්‍යනයන් කර සොබාදහම සහ පරිසරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට මානව හිතවාදී සියළුම බල වේගයන් දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රචලිත කර තිබෙන තිරසාර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals)සපුරාලීමට අත්වැල් බැදගත යුතුවේ.

පරිසර විනාශකාරී රේඛීය ආර්ථික වැඩපිලිවෙල වෙනුවට තිරසර චක්‍රීය ආර්ථික ක්‍රම වේදයට නැඹුරුවීම.
වාෂ්ප එන්ජිමෙන් සක්‍රියවූ කාර්මික විප්ලවය නව අධිරාජ්‍යන් බිහිකරන ලදි. එම අධිරාජ්‍යයන්ගේ පැවැත්ම උදෙසා ස්වාභාවික සම්පත් කොල්ලකෑම, සහ වෙළඳපල අධිකාරිය පවත්වා ගෙන යාමට විවිධ උපාය මාර්ග එකී පාලකයන් යොදාගෙන යටත් විජිතවල පැවැතුණු සහජීවී පරිසර හිතකාමී අර්ථ ක්‍රමය මුලිණුපුටා දැමූහ. ඛණිජ තෙල් සොයාගැනීමත් සමඟ අධිරාජ්‍යවාදී බල පරාක්‍රමය ඛණිජ තෙල් නිධී අත්පත් කරගැනීමේ අධිකාරිය පවත්වා ගෙනයාමේ ප්‍රමුඛතාවයට යටවීය. ගෝලීය උෂ්ණත්වය දරාගත නොහැකි මට්ටමකට පත්කර සුළි සුලං, කුනාටු, ජලගැලීම්, ඇතුළු සියළු ලෝකවාසීන් වර්ථමානයේ අත්විදින පාරිසරික ගැටලු රාශියකට ඛණිජ තෙල් නිස්සාරණය සහ ඒවා දහනය කල බල ශක්ති උත්පාදනය හේතුවී ඇති බවට විද්‍යානුකූලව සනාථ කර ඇත. සූර්ය තාපය සහ අනෙක් ස්වභාවික ප්‍රභවයන් භාවිත කර පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සදහා මිනිසා යොමු වන්නේ මේ නිසාය.
මැවුම් වාදය පිලිගත් පාලකයින් සහ විවිධ ආගමික නායකයින් සූර්යා පෘථුවිය වටා ගමන් කරන වගත්, සෞරග්‍රහ මණ්ඩලයක් සහ සෙසු ග්‍රහ ලෝකවල විශ්වීය අන්තර් පැවැත්ම පිලිගැනීමට සූදානම් නොවූහ. විද්‍යානුකූලව මේවා සොයාගත් කොපර්නිකස්ට සහ ගැලීලියෝට විවිධ තර්ජන එල්ල කලහ. විශ්වයේ සංයුතිය සියළුම ග්‍රහලෝක සූර්යා කේන්ද්‍රියව පවතින බවත් සියළුම ජීවීන්ගේ පැවැත්මට ශක්තිය සූර්ය කිරණ ඔස්සේ ලැබෙන බවත් අද සත්‍යක් බව තහවුරුව තිබේ.
වර්තමානයේ සොයාගැනීම් වලට අනුව ජීවයේ සම්භවයට අත්‍යාවශ්‍ය ජලය (ආපෝ) ඇත්තේ අප ජීවත්වන පෘථුවියේ පමණි. අපවටා ඇති පඨවි (පෘතුවිය) පරිමාවෙන් 30% කි ඉතිරි 70% ජලයයි. ඒ
එයිනුත් 1% අඩු ජලධාරිතාවක් පමණක් සියළුම ජීවීන්ගේ පැවැත්මට සහ ගොවිතැනට යොදාගත හැකි පාණිය ජලය වේ. ආපෝ අමතක කර තේජෝ බදාගෙන වස්තූන් ගොඩගසා ගැනීමේ ආදීනව අත්විදිමින් සිටන මිනිස් ප්‍රජාවට පිරිසිදු ජලයේ සහ වාතයේ, අගය කල නොහැකි වටිනාකම කෝවිඩි වෛරසය මතක් කරදීමට සමත් වීය.
70% ක ජල සංයුතියක් ඇති අපගේ ග්‍රහ වස්තුවට planet Water නොකියා planet Earth යනුවෙන් නම්කර ඇත්තෙමු. මෙම ග්‍රහ ලෝකය සෞරග්‍රහ මණ්ඩලයේ භ්‍රමණයට අවශ්‍ය කරන චුම්භක බලය සපයා ගනුයේ පෘථුවි කුහරයේ ගබඩා වී ඇති අධික උෂ්ණත්වයේන් යුත් ලාවා මිශ්‍රණයකිනි (පඨවි සහ තේජෝ). 1883 ඉන්දුනීසියාවේ ක්‍රකටාවෝ දූපතේ පුපුරා ගිය ගිණි කන්ද මෙතෙක් ලොව අත්දුටු ප්‍රභලම ශක්ති සංස්ථිතියක් බව පෙන්වා දී ඇත. සියළුම ජීවීන්ගේ වාසස්ථානය වන පෘතුවි තලය හරියට ඇපල් ගෙඩියක් වටා තිබෙන සියුම් සිවියකට සමකල හැක. මෙම අධික තාප දහරාවේ ජීවීන්ට වන බලපෑම අවම කිරීමට ඛණිජ තෙල්, වෙනත් ඛණිජ ද්‍රව්‍ය තාප සංරචකයන් හැටියට ක්‍රියාකරයි. පෘථිවි තලය තුල ජීවත් වෙන සියලුම ජීවීන්ට සහ තුරු ලතා සහජීවීව ජීවත්වීමට සොබාදහම නිර්මාණය කර ඇති ආරක්‍ෂක ක්‍රියාවලිය වස්තු තණ්හාව මත සූනු විසුණු කර ඇත්තෙමු.
දිට්වා සුළි කුණාටුව පරිසර පද්ධතියට කර ඇති බලපෑම ශ්‍රී ලංකාවට අනන්‍ය වාරි තාක්ෂණය රැකගැනීම
මිනිස් ජීවිත රාශියක් වලලා දැමූ සුළි කුණාටුව සහ පස් කඳු කඩා නායයාම් ඇතිවීමේ පාරිසරික ව්‍යසනය වටා ඇති විද්‍යානුකූල යතාර්ථය තේරුම්ගැනීම ඉදිරියේදී ඇතිවිය හැකි අනතුරු ආපදා පාලනයට වැදගත්වන බව මෙම ලියුම්කරුගේ මතයයි.
අපගේ මුතුන් මිත්තන් හඳුන්වාදුන් වාරි තාක්‍ෂණය ලොව මවිත කල අපූර්ව නිර්මාණයන්ය. මෙහිදී ඔවුන් කඳුකරයේ ජල පෝෂක වනාන්තර හෙළිපෙහෙළි නොකර කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සම්පත ආරක්ෂා කරගැනීමට වැව් අමුණු තැබුවේ වියළි කලාපය තුලය.
බටහිර යුරෝපීය අධිරාජ්‍යනාදී පාලකයින් කෝපි සහ තේ වගාවන්ට තෝරාගත්තේ කඳුකරයේ වැසිවනාන්තර. ඉවක් බවක් නොමැතිව වැවිලි කර්මාන්තය සදහා කැලෑ කැපීම් කලද ඔවුන් පාංශු සංරක්ෂණ සඳහා වැසි ජලය බැස යාමට ගල්වැටි සහ කාණු පද්ධතීන් වතුකරයේ තැනූහ. එහෙත් දැනට ඒවා නිසි නඩත්තුවට භාජනය නොවන නිසා රොන්මඩ සහිත බොරජලය කඳුකරයේ ජල විදුලිය ජනනය සදහා තනා ඇති කොත්මලේ, වික්ටෝරියා, සමනල වැව ජලාශ වලට එකතුවේ. ගෝලීය උෂ්ණත්වය ඉහල යාමට සාපේක්‍ෂව ඉහළ යමින් පවතින වර්ෂාපතනය මෙම තත්වය වඩා අවදානම් කාරී තත්වයක් ඇතිකරයි.
වසර 30 න් සම්පූර්ණ කිරීමට නියමිත මහවැලි ව්‍යාපාරය මූලික අරමුණක් වුයේ මහවැලි ඡලය උතුරට හැරවීමයි. එහෙත් එය කඩිනම් ව්‍යාපෘතියක් කරමින් මූලික අරමුණින් බැහැරව ඉන්දියාවට ජල විදුලිය සැපයීමට ගත් උත්සාහයේ අනර්ථ කාරී ප්‍රතිපල දැන් අප අත්විදින්නේ මුලු ජෛව විවිධත්වයට අසමතුලිත කරමින්ය.

මෙම පාරිසරික ගැටළු පාලනය කිරීමට කලයුතු වැඩපිලිවෙල
දැනට නිර්මාණය වී ඇති පාරිසරික අර්බුද මත ඉදිරියේ ඇදහැලීමට නියමිත ධාරානිපාත වර්ෂාව දිවයිනේ දැනට ඉදිකර තිබෙන ජලාශ වලට දරාගත නොහැකි පරිමාවක් වනු ඇත. ඵසේම අධික වර්ෂාව සමග ගසාගෙන ආ රොන්මඩ සහ වැලි ජලාශ පතුලේ සහ ගංගා ද්‍රෝණියේ තැන්පත් වීම හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර සහ නායයෑම් ආපදා වැඩිවිය හැක.
ඉහත විස්තර කර ඇති අභියෝග පාලනය කරගැනීම සදහා පරිසර වේදීන් සහ ඉංජිනේරුවරුන් අවධානය පිණිස යෝජනා කිහිපයක් ලැයිස්තු ගත කරමින් ලිපිය අවසන් කරමි.
- කඳුකරයේ තේ වැවිලි කර්මාන්තයේ යෙදෙන සමාගම් ලවා පාංශු සංරක්ෂණ ක්‍රම වැඩිදියුණු කිරීම. නියමිත කාණු පද්ධති සහ ගල්වැටි අලුත් වැඩියා කරවීම.
- දැනට අඩු තේ දළු පලදාව ඇති ඉඩම් තෝරාගෙන එම ඉඩම්වල කෙටි කාලයකදී වානිජ වටිනාකම් උපයාගත හැකි භෝග වගාකිරීමට උනන්දු කරවීම. නායයාම් අවදානම් ඇති ඉඩම් වල උණ වගාකිරීමට යොමු කිරීම. උණ තෘණ පවුලේ ලොව වේගයෙන්ම වැඩෙන ශාකයකි. වසර 6 ක කාලයකදී සම්පූර්ණයෙන්ම වැඩෙන උණගස් පදම්කර ගොඩනැගිලි කර්මාන්ත ගෘහස්ථ කර්මාන්ත අමුද්‍රව්‍ය බවට යොදාගත හැක. Dendrocalamus Asper උණ ප්‍රභේදය මේ සදහා සුදුසුම වර්ගය වන අතර එයින් ඉවත් කරන ගොබෙයියන් ආහාරයට ගත හැක. උණ ශාකයේ විහිදෙන රෛසෝම පද්ධතිය පාංශු සංරක්ෂණට රුකුලකි.
- වන සංරක්ෂණය උදෙසා කඳුකරයේ දැනට වගා කර ඇති, යූ කැලිප්ටස්, පයිනස් ශාක ක්‍රමක් ක්‍රමයෙන් ඉවත්කර එම ඉඩම්වල දිවයිනට ආවේණික ගොරක, සපු කොස් වැනි ආර්ථික වටිනාකමක් ඇති පාංශු සංරක්ෂණයට රුකුලක් සපයන විහිදුන මුල් පද්ධතියක් ඇති ශාක වගාකිරීම.
හුදෙක් දැව වටිනාකම ඉලක්ක කර ගනිමින් කඳුකරයේ වවා ඇති අපට ආවේණික නොවන යූ කැලිප්ටස් සහ පයිනස් වගාවෙන් ජෛව විවිධත්වයට සහ භූගත ජලධහරාවන්ට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව විද්‍යානුකූල විමර්ශනයන් කිරීමට විශේෂඥයින් යොදවා ඒ වෙනුවට දිවයිනට ආවේණික ජෛව විවිධත්වයට අහිතකර නොවන ආර්ථික වටිනාකම් උපයාගත හැකි ශාක වගාකිරීමට යොමුවිය යුතුවේ.

| ජයශ්‍රී ප්‍රියලාල්
2026 ජනවාරි

