සුජ්ජා : අරගල භූමියේ සිත්තර ගුරුන්නාන්සේ (VIDEO)

පාලකයින් වෙනස් කරනවාට කලින් වෙනස් කළයුත්තේ ජනතාව බව බර්ටෝල් බ්‍රෙච්ට් කීවේ ලොකු දේශපාලන අරුතකින්.

ඔහු එසේ කීවේ මධ්‍යම පන්තිය ඉලක්ක කරගෙනදැයි සිතෙන තරමට මේ මොහොතේ අප එය අත්විඳිමින් ඉන්නවා.

බ්‍රෙච්ට් සිය කලාව හා එහි භාවිතය හැම විටම දිශානති ගතකලේ ඒ අරමුණෙන් බව ඔහුගේ කලාකෘති පරිශීලනය කරන විට වැටහෙන්නක්.

මුග්ධ, අත්තනෝමතික, ඊගෝකාර, ඒකාධිපති පාලක අහිනක් එළවීම සඳහා ශ්‍රී ලාංකේය ජනතාව ඉතාම වෙහෙසකාරී අරගලයක් ආරම්භකර එහි ධනාත්මක මෙන්ම ඍණාත්මක දේ නෙලාගත්තේ පහසුවෙන් නොවේ.

තරුණ පරපුර ඒ අරගලයේ කොඳුනාරටිය බවට පත්වෙද්දී, වැඩිහිටියන්, ආගමික නායකයින්, කලාකරුවන්, ව්‍යවසායකයින්, වෘත්තිකයින්, වෘත්තීය සමිති ව්‍යාපාරය එහි ආරක්ෂක වළලු බවට පත්වුණා.

නමුත්, නමුත් කොතැන හෝ යම් වැරදීමක් වූ බවයි මේ මොහොතේ දැනෙන්නේ. ඒකාධිපති, මුග්ධ, ඊගෝකාර, අත්තනෝමතික පාලකයෙක් පන්නා දැමූ විට ඒ තැනට ආයෙත් පත්වන්නේ එවැනිම පාලකයෙක්.

මේ අරගල භූමියේ අරගලයට අවිච්චින්න ප්‍රේමයකින්, දිදුලන අරමුණකින්, ක්‍රියාකාරි වැඩ කිරීමකින්, කිසිදු පුද්ගලික අභිමතාර්ථ සාධනයකින් තොරව රැඳී සිටි පිරිස අතර ඉහළින් දිදුලන තාරකාවක්  වුනේ චිත්‍ර ශිල්පී සුජිත් රත්නායක සහෝදරයා  බවයි මගේ පුද්ගලික කියවීම.

ඔහු කලාකරුවෙකු ලෙස සිය ශ්‍රමය, ධනය, දහදිය, පරිකල්පනීය ශක්තිය 100%ක්, දින 100ක් පුරා මේ අරගලය වෙනුවෙන් පැය 24 ක් ගානේ කැප කලා.

ඔහු කලේ ඔහුගේ කලාව මිනිසුන්ගේ සිතීමේ හැඩය වෙනස් කිරීම වෙනුවෙන් මිනිසුන් සමග භාවිතා කිරීම.

ගෝඨාගෝගම චිත්‍රාගාරය මිනිසුන්ගේ ශ්‍රමයෙන් ධනයෙන් ඉදිවන්නේ ඒ නිසා.

09 දා කැත ප්‍රහාරයෙන් පසු කුලී ප්‍රහාරකයින්ගේ සුජිත්ගේ චිත්‍රාගාරය ඉලක්කයක් බවට ගන්නේ එහි බලපෑම (Impact) දැන සිටි නිසා. චිත්‍රශිල්පය සඳහා භාවිතා කරන සියලු උපකරන සමග දවාහළු කල චිත්‍රාගාරය දෙස සුජිත් බලාසිටි ආකාරය හද පාරවන දසුනක්. නමුත් ඊළඟ වටයේදී ඔහු අන් අය සමග යළි නැගී සිටින්නේ ෆීනික්ස් කුරුල්ලෙකු වගේ.

280471991 5090047561103016 5898670239665817826 n

ඔහුට අරගලය ගැන වෙනස් කියවීමක් තිබුණ බව අප හොඳින්ම දන්නා කාරණයක්. ඒ සියල්ල මැද වුවද ඔහුගේ උත්තුංග අරමුණ පැහැදිලි ආලෝක කදම්භයක් වුණා. ඊ

යේ සුජිත් සහෝදරයා සිය ආම්පන්න සියල්ල ඉවත්කරගනිමින් අරගල භූමියෙන් භෞතිකව ඉවත්වුණා.

නමුත් ඔහුගේ ශක්තිමත් මනස මේ සදාතනික අරගලය සමග බව අප හොඳාකාරව දන්නවා.

වෙනත් වටයකින්, වෙනත් හැඩයකින් මෙය යළි පොලාපැනිය යුතුමයි.

එතනත් සුජිත් රත්නායක සහෝදරයා ගේ කෙසඟ එහෙත් ඍජු ශක්තිමත් සිරුර සහ විචිත්‍ර පරිකල්පනීය ලෝකය පෙරමුණේ සිටින බව ඒකාන්තයි. එය අපට වඩා අපට විශ්වාසයි.

ජයග්‍රහණ යනු හඹා යායුතු දෙයක් බව ජීවිතයෙන් අපට උගන්වන සුජ්ජා මේ උණුසුම් වැළඳගැනීම සමග උඹට ශක්තිමත් හෙටක්.

(© කපිල එම්. ගමගේ - the leader)

294570571 10158945325389226 6890518144224231224 n

SR

295339230 10158945324514226 1448314317432932830 n

සියලු ඡායාරූප වල අයිතිය ඒවායේ මුල් හිමිකරුවන්ට