දේශපාලන හා ආර්ථික ක‍්‍රියාවළිය තුළ කාන්තාවන් අවභාවිතා කිරීම ත‍්‍රීව්ර වී සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා

ashila-dandeniya

ආර්ථික ක‍්‍රියාවළිය තුළ කාන්තාව අවභාවිතා කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා. සාමාන්‍යයෙන් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහිව සිදුකරන හිංසනයට, ප‍්‍රචන්ඩත්වයට එරෙහිව ගැහැණුන් හා පිරිමින් සිදුකරන ආරගලය ආරම්භ වුණේ අද ඊයෙක නොවේ. එම ආරම්භයට පිරිමින් විසින් ස්ත‍්‍රීන් මත බලය පැතිරවීමේ ආරම්භක ඉතිහාසයට සමපාත වෙනවා. විවිධ හැඩයන්ගෙන් හා මානයන්ගෙන් එලෙස දිගහැරුනු අරගලයන් අතර වැඩබිමතුල ඔවුන් මත දිගහැරෙන ප‍්‍රචන්ඩත්වයට , හිංසනයට එරෙහිව සිදු කළ යුතු අරගලයන් සුවිශේෂී වෙනවා.

මේ වන විට ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කර ඇති C190 අපරානුමත කරවා ගැනීම සදහා ලෝකයේ සෑම රටකම අයත් කාන්තාවන් හා ගැහැණු ළමයින් සමාන අයිතිවාසිකම් භුක්තිවිඳිය යුතු බවට පිලිගන්නා සියළු ගැහැණුන් හා පිරිමින් විසින් විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුතුව විවිධ වැඩසටහන සංවිධානය කරමින් සිටිනවා. ඒ වැඩබිමතුල ගැහැණුන්ට හ සිදුවන ලිංගිකත්ව මත පදනම්වූ හිංසනය නවතා දැමීම උදෙසා.

ලාංකීය සංදර්භය තුල මෙවර අප මෙම ක‍්‍රියාකාරිත්වයට හවුල් වන්නේ වඩාත් බරපතල හා සංකීර්ණ වූ කොංකිරිමක්, නොසලකා හැරීමක් කාන්තවන්ට මත වැටුණු අඳුරු වටපිටාවක් තුළයි. ලාංකීය ජනගහණයෙන් 53%කට ආසන්න ස්ත‍්‍රී ප‍්‍රජාවකුත් 21%කට ආසන්න ළමා පරපුරකුත් ඇතුළු කාන්තා හා ළමා ජනගහනය 74%ක් ඉක්මවූ මෙරට මේ වන විට කලින් මොවුන් වෙනුවෙන් තිබූ කළින් පැවැති අමාත්‍යංශ පවා ඉවත් කිරීම එයට ඇති හොඳම උදාහරණය ලෙස දැක්වීමට පුළුවන්.

දේශපාලන හා ආර්ථික ක‍්‍රියාවළිය තුළ කාන්තාවන් තුළ අමුඅමුවේ පාවිච්චි කිරීම අවභාවිතා කිරීම තව තවත් ත‍්‍රීව්ර වී තිබීම මේ සන්දර්භය තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා. බොහෝ ආසියානු රටවල් වල මෙම තත්ත්වය අඩුවැඩි වශයෙන් සමානයි. එමෙන්ම මේ වන විට කාන්තා අරගලය සංකීර්ණ හා අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙන්නේ මෙවැනි පසුබිමක් තුළයි. මෙි වන විට වැඩ ලෝකය තුළ ස්ත‍්‍රින්ට එරෙහි ප‍්‍රචාන්ඩත්වය තුරන් කිරීමට එක්ව නැගී සිටීම සඳහා ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වන සැසියේදී සම්මත කරගන්නා ලද, වැඩ ලෝකයේ ප‍්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය ක්‍ 190 සම්ම‍්‍රතිය අපරානුමත කර නීති සම්පාදනය කිරීම යන්න මූලික කර ගනිමින් විවිධ අරගල දියත් වෙමින් පවතිනවා.

අප දන්නවා වැඩ ලෝකය තුළ අප කාන්තාවන් කොතරම් හිංසනයන්ට පත්වනවද කියල. එය ඉහල පාලනාධිකාරියේ සිට පහලටත්, ඔවුන්ගේ රාජකාරි වේළාවන් තුළ හා ඉන් පිටතත් විවිධ ලෙස බලපෑම්වලට ලක්වෙමින් තිබෙනවා. එය එන්න එන්නම වැඩිවෙමින් තිබෙනවා. එබැවින් මෙම ප‍්‍රඥ්ඥප්තිය අපරාන්මත කරවා ගැනීම සදහා කටයුතු කිරීම කාලෝචිත අවශ්‍යතාවයක්ව පවතිනවා

අශීලා දන්දෙනිය ‍|standup movement Lanka‍|StandUp Workers Union