පෙට්රල් ඔක්ටේන් 92 කේ ලීටරයක් රුපියල් 254 යි. ඔක්ටේන් 95 ලීටරය රුපියල් 283 යි. සාමාන්‍ය ඞීසල් ලීටරය රුපියල් 187 යි. සුපිරි ඞීසල් ලීටරය රුපියල් 254 යි. රෝගීන්ගේ ෙඖෂධ මිල සියයට 30 කින් ඉහළට. තිරිගු පිටි කිලෝව රුපියල් 35 කින් ඉහළට. පාන් ගෙඩියක මිළ දැන් රුපියල් 110 ත් 130 ත් අතර වෙනවා. බස් ගාස්තු රුපියල් 20 කින් පටන් ගෙන සියයට 15 කින් වැඩි කරලා.
මේ මිල වැඩි කිරීම් කෙරෙන විට, ආහාර මිල පසුගිය වසරට වඩා සියයට 25 කින් ඉහළ ගිහින් තිබුණා. කන්ටේනර් ප‍්‍රවාහන සංගමය ඔවුන්ගේ ප‍්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කරලා. විශාල වශයෙන් ඉහළ යන ප‍්‍රවාහන ගාස්තු සමග සියලූ භාණ්ඩවල මිල සියයට 40 කින් හෝ ඊට වැඩි ප‍්‍රතිශතයකින් ඉහළ යාවි.
විදේශ විනිමය අහේනිය සමගවන මේ දරුණු ආර්ථික කඩා වැටීම පාලනයකර ගැනීමට ආණ්ඩුවට පැහැදිලි ප‍්‍රායෝගික සැළසුමක් තියෙන බවක් පේන්න නැහැ. ඒ නිසා ඉදිරියේදී ආහාර සහ ප‍්‍රධාන භාණ්ඩ මිල තවත් ඉහළ යයි. මේවායින් බරපතලම අසීරුතාවකට පත්ව ඉන්නේ පෞද්ගලික අංශයේ අපනයන නිෂ්පාදන හා වැවිලිකරයේ සේවක සේවිකාවන් සමග අවිධිමත් ආර්ථික ක්ෂේත‍්‍රයේ සහ ග‍්‍රාමීය සමාජයේ කෘෂි කම්කරුවන් සහ දෛනික ආදායම්ලාභී පිරිස්.
ඒ නිසා ජනාධිපති තුමනි,
මෙය පිළිවෙළකට කරන්නත් දේශපාලනය කඩා පැනීම වළකා ලීමටත්,
මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඔබගේ මැදිහත්වීම අපි අපේක්‍ෂා කරමු
මෙය අප සංගමය විසින් 2022 මාර්තු මස 14 වන දින ජනාධිපති වෙත ලිඛිතව කළ ඉල්ලීම් හා කරුණු කාරණා සංවාදයට ගැනීමට හා ආණ්ඩුවට බල කිරීම වෙනුවෙන් ඉදිරිපත් කිරීමකි.
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

