ඔබ දන්නවාද පොලිස් භාරයේ සිටියදී වධහිංසාවන්ට භාජනය නොවීමේ අයිතියක් ඔබට ඇති බව?

police-attacks

අපරාධ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට පත්වන පුද්ගලයිට ඇතැම් පොලිස් නිලධාරින් විසින් නොයෙකුත් අකාරයේ වදහිංසා වලට ලක්කරණ බව ප්‍රසිද්ධ රහසකි.

මේ දවස්වල සිදුවූ ඇතැම් කරනා නිරීක්ෂණය කිරීමේදී මේ බව වඩාත් තහවුරු වේ. එහිදී එම සිදුවීම් සම්බන්ධව සැකකරුගෙන් තොරතුරු ලබාගත හැකි වේ යැයී ඇතැම් පොලිස් නිලධාරීන් උපකල්පනය කරයි. නමුත් මෙය යල් පැන ගිය පහත් ක්‍රියාවකි. අනෙක් අතට මෙම කරණය අප ආකල්පමය වශයෙන් අභියෝග කල යුතු කාරණයකි.  අද වන විට මානව හිතවාදි ගුණාංග මුල්කරගෙන වදහිංසා වලට ලක් නොවීමේ අයිතිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශයේද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය මගින් තහවුරු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය තුලින් වද හිංසාවන්ගේ හා කෘෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකින් නැතහොත් දඩුවමකින් මිදීමේ අයිතිය සුරක්ෂිත කර තිබේ.

නීතිය තුල ඕනෑම කෙනෙක් අපරාධකරුවෙක් යැයි ඔප්පු වෙන තුරු නිවැරදිකරුවෙක් යැයි කියන පූර්ව නිගමනය තිබේ. අපරාධකරුවා ඔහුමයි කියා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි වූවහොත් චෝදනා ලැබූ පක්ෂයට නිදහස් විමට හැකියි.

වදහිංසාව යනු බරපතල වේදනාවක් හෝ විදවිමක් ගෙන දෙන ක්‍රියාවකි එම වදය හෝ වේදනාව ශාරීරික හෝ මානසික එකක් විය හැක. එහිදී එවැනි යම් ක්‍රියාවක් වදහිංසාවක් බවට පත් වීමට නම් එය චේතනාන්විතව සිදු කරන ලද ක්‍රියාවක් විය යුතුය.

ඇතැම් අවස්ථා වලදී සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදීම පහරදීම පොලුවලින් පහරදීම, මිරිස්කුඩු ගැසීම, බදපටි වලින් පහරදීම්, පයින් ගැසීම, හිසට මොට ආයුද වලින් ගැසිම ආදී නොයෙකුත් ක්‍රියාවන් සිදූ කරන අතර ඒවා වදහිංසා යන අර්ථය තුලට ගැනීමට හැකි බවත් එය මුලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් බව රත්නසිරි එදිරිව ධර්මසිරි නඩුවේදී ශේෂ්ඨාධිකරණයේදී පෙන්වා දී තිබේ.

1994 අංක 22 දරණ පනත යටතේ යම් පුද්ගලයකු වධයකට හො වෙනත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීම්වලින් හෝ දඩුවම්වලට ලක් කිරීම සෘජු ලෙසම අපරාධමය වරදක්ය.එහිදි

සැකකරුවන් හට නඩු පැවරීමේ වගකීම පැවරෙන්නේ නීතිපතිවරයා වෙතටයි එවිට නීතිපති වරයා විසින් මහාධිකරණයේ නඩු පැවරීම සිදු කරනු ලබයි.

තවද මේ අනුව යම් තැනැත්තකුට වධ දෙන පුද්ගලයා මෙම පනත යටතේ වරදකට වරදකරු වන්නා සේම ඒ සදහා ආධාර අනුබල දෙන, හෝ වද දීමට කුමන්ත්‍ර‍ණය කරන තැනැත්තන්ද වරදකරුවන් වේ.

එහිදි මේ සම්බන්ධව නඩු පැවරිය යුත්තේ මහාධිකරණයේ බවත් නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබුවහොත් වසර හතකට නොඅඩු හා වසර 10කට නොවැඩි කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමක්ය .

තවද මේ සම්බන්ධයෙන් ඔබට යම් තර්ජනයක් අත්හොත් මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කළ හැක.

bagya seneviratne

| නීතිඥ භාග්‍යා සෙනවිරත්න