අර්බුදයෙන් ගොඩ එන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියද, ලබාගත හැක්කේ ඩොලර් බිලියන 1.5ක පමණ මුදලක් බවත්, එයින් කළ හැකි දෙයක් නොමැති බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු චින්තක රාජපක්ෂ පවසයි.
පවත්නා මහජන විරෝධතාව හා පවත්නා අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
'වැඩබිම' සමඟ අදහස් දක්වමින් ඔහු ඒ් පිළිබඳ වැඩිදුරටත් කියා සිටියේ මෙපරිද්දෙනි.
මහජන විරෝධතාවය පිළිබඳ කරුණු කිහිපයකින් අවබෝධ කරගත යුතුයි. පළමුවැන්න නම් පැන නඟින්න බලපෑ කරුණු මොනවද කියන එක. මිනිස්සුන්ගෙ පැත්තෙන් බැලුවොත් කරුණු දෙකයි. එනම් ජීවන වියදම හා ආදායම් පැත්තෙන් වැඩකරන ජනයාට ආ බලපෑම.
ජීවන වියදම උද්ධමනයට 18.7 ක් විතර මාර්තු අග වෙද්දි ගියා. ඒ් දකුණු ආසියානු රටවල ඉහළම උද්ධමනය. මිනිසුන්ගේ ම මුලික අවශ්‍යතා සපුරා ගැනීමට අසීරුවුණා. ආණ්ඩුව පැත්තෙන් මුහුණදීලා තියෙන ආර්ථික අර්බුදය සමඟ පීඩනය තීව්‍ර වෙලා. සංචිත වල හිඟවීමත්, ආනයන භාණ්ඩවලට සිදුවූ බලපෑම මෙන්ම ගොවියන්ට, කම්කරුවන්ට, නාගරික හා අර්ධ නාගරිකව ජීවත් වන ජනයාට, වතුකරයේ ජනයාට සහන දෙන්න බැරී වීමේ අභියෝගයක්. අනෙක් අතට ආණ්ඩුව දුර්වලවී, බංකොලොත්භාවයට පත්වීම පහළ ස්ථරවලට සෘජුවම බලපානවා. තවත් කාරණයක් බලපෑවා. ඒ් තමා අවුරුදු 74ක කාලයක් පුරා ඇති වූ දේශපාලන සංස්කෘතියට එරෙහි හඬක් මතුවීම. ඒ් තමා තරුණ තරුණියන්ගෙ හඬ.
මේ වායේ ප්‍රකාශනයක් විදිහට තමා මේ නැඟී සිටීම සිදුවෙන්නෙ. දේශපාලන පක්ෂ, බහුජන ව්‍යාපාරවලට වඩා දැන් ප්‍රබල වෙලා. මගේ අවබෝධයේ හැටියට දේශපාලන පක්ෂවල ඉල්ලීම්වලට වඩා ඉහළ මට්ටමට ඇවිත්. මේ වෙලාවෙ ජනතාව ඉන්නේ දේශපාලන පක්ෂවලට ඉහළින්. මෙතන ගැටලුවක් තියෙනවා. ව්‍යාපාරයට අදාළව ගොඩනැඟෙන ඉල්ලීම් විග්‍රහ කර ගැනීමේ අභියෝගය වන්නේ සැබෑ ප්‍රශ්නයට පිළිතුරු හොයාගන්න තියෙන අවස්ථාව සංවාදයට ආවෙ නෑ. නිදසුනක් විදිහට ගැලවුම්කාරයා විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බව පේන්න අරන් තියෙනවා. මේ අර්බුදයට මුහුණදී සිටින ඔක්කොම කියන්නෙ ඒ්ක.
ඒ්ත් මේ ගැන පරිස්සමින් කියවා ගත යුතුයි. අපේ තක්සේරුව තමා ජනතාවගේ පීඩනය, වැටුප් ප්‍රශ්නය, ජාතික සම්පත්, විශාල වශයෙන් අහිමිවෙමින් තියෙනවා. අපට මගෑරෙන කොටස තමා 1969න් පස්සෙ පසුගිය දශක ගණනාවක් තිස්සේ ඒ් අය කියපු ආර්ථික වැඩපිළිවෙළවල්, ඒ් අය කියපු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වලට යාමම තමා මේ අර්බුදයට හේතුව. මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නෑ නේද කියලා අහන්න පුළුවන්. ඒ්ත් අපි කියන්නේ අයි.එම්.ඒෆ් යන එක මේකට උත්තරයක් නෙවෙයි.ජනතා ව්‍යාපාරවල නැඟී සිටීමත් එක්ක තියෙන ඒක මධ්‍යම පාන්තික විරෝධයක්. ඒ්ක අයි.එම්.ඒෆ් යාමෙන් මේ අරගලය දියාරු වෙන්න පුළුවන්.
අයි.එම්.ඒෆ් ගියාම ප්‍රතිසංස්කරණ මූල්‍ය ක්‍රමයක් තමා තියෙන්නෙ.එතනදි රාජ්‍ය සුබ සාධන කප්පාදුව,රාජ්‍ය සේවයට බඳවා ගැනීම් අත්හිටුවීම්, වැටුප් වැඩිවීම් කප්පාදුව යෝජිතයි. ඒ් තුළින් වැඩකරන ජනයාට, පහල පාන්තික ජනයාට තවත් අර්බුදයන්ට මුහුණදෙන්නට සිදුවෙනවා. ඇතිවී තිබෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්නයට උත්තරයක් ලෙස අයි.එම්.එෆ් පෙනුණාට ජනයා ඒ්ක පැහැදිලිවම කාටද විරුද්ධ වෙන්නේ කියන තැනකින් නෙවෙයි ප්‍රශ්නය අල්ලලා තියෙන්නෙ. සමහර විට තෙල්, ගෑස්, ප්‍රශ්න විසඳන්න හැකිවෙයි. අයි.ඒම්.ඒෆ් 1.5 බිලියනයක් වගේ තමයි ගන්න පුළුවන්. ඒ්කෙන් මහා ලොකු දෙයක් කරන්න පුළුවන් කමක් නෑ.
මිනිසුන් මේ වෙලාවෙ නැඟිටිය යුතුයි. මිනිසුන්ට වෙන විකල්පයක් නෑ. සමිනිසුන් මෙතෙන්ට තල්ලු වුණේ එයාලාගෙ එදිනෙදා අවශ්‍යතා ඉටුකරගන්න බැරිවීම. මිනිසුන්ගේ නැඟිටීමකිදි සිදුවිය යුත්තේ ඒ් ඉල්ලීම වඩා ඉදිරියට යාමක්. තෙල් දීම, ගෑස් දීමෙන් ඔබ්බට මෙම අරගලය ගෙන යා යුතුයි. මිනිසුන් නැඟී සිටියාට පාලකයින් විසින් ඇහුන්කන් දෙන බවක් පේන්නත් නෑ.ඒ් අරගලය කොතනින්නද නතර කරන්නේ, මොනවද සැබෑ ඉල්ලීම් ඉලක්ක කරන තැන ආදිය ගැන කාටවත් අදහසක් නෑ.
ආණ්ඩුව බලාපොරොත්තු වන අරමුණු කිහිපයකුත් තියෙනවා. ඒ්වා වෙන්න ඇරලා බලාගෙන ඉන්නත් හොඳ නෑ. මොකද අපි අපේ ප්‍රශ්න විසඳෙනවා නම් ආණ්ඩුවට කැමති දෙයක් කරන්න ඉඩදෙනවා වගේ එකක් වෙන්න හොඳ නෑ. මිනිසුන්ගේ ඉල්ලීම් හා අයිතීන් සම්බන්ධයෙන් කරන මැදිහත්වීම් මෙන්ම ආණ්ඩුව ඒ්වා විසඳා ගැනීම සඳහා කරන ප්‍රවේශයන්, එකඟතාවන් හා පියවර එකට තියලා තමා උත්තර හොයන්න වෙන්නෙ.ඒහෙම නැතුව ආණ්ඩුව විසින් රටේ ජාතික සම්පත්, මිනිසුන්ගේ වරප්‍රසාද,අයිතිවාසිකම් කප්පාදු කරනවා නම් ගැටලු සහගතයි. එයින් කෙටි කාලීනව ඉල්ලීම් ඉටු කළ හැකි වුවත්, දිගු කාලීනව බලපෑම් උග්‍ර විය හැකියි. ඒ් නිසා කොයි වෙලාවක වත් අපේ තියෙන ඉල්ලීම් ඉටුවෙනවා නම්, ආණ්ඩුව මේ වෙලාවෙ ගන්නා ක්‍රියාමාර්ග එච්චර වැදගත් නෑ කියලා අතාරිනවා නම් ඒ්ක ඉතා භයානකයි.ආපසු හැරිලා බලද්දි අපේ ඉඩම් ටික නැතිවෙයි, කම්කරු නීති ටික සංශෝධනය වෙලා තියෙයි.රටේ කෘෂිකර්මාන්තය විනාශවෙලා සමාගම් කිහිපයක් විතරක් මේ රටට කන්න ගේන වෙළෙඳ ආධිපත්‍ය ගනීයිද කියන සැකය අපට තියෙනවා.
මේ ආණ්ඩුව ගතහොත් කිසිදු සැලසුමක් නෑ. අද වෙන දේ හෙට වෙන දේ දන්නෙ නෑ.