ජනාධිපතිතුමාගේ කථාවට අදාල කෙරුවාව විමසන සෞඛ්‍ය සේවාවේ "විශ්‍රාම වයස"

ජනාධිපතිතුමාගේ කථාවට අදාල කෙරුවාව විමසන සෞඛ්‍ය සේවාවේ "විශ්‍රාම වයස"

කාර්‍යක්ෂම රාජ්‍ය සේවාවක් පවත්වා ගැනීම කියන්නේ ඒවා කාට හෝ විකුණා දමන එක නෙවේ. සල්ලි දීලා ගන්න කෙනෙක් නැති නිසා, ඒක තියාගෙනම ජාවාරම් කරන්න පුළුවන් නිසා, සෞඛ්‍ය සේවාව විකුණන කථාවක් තවම නැති වුණත්, සෞඛ්‍ය සේවාව රටට බරක් නොවීමටනම් ඒක කාර්යක්ෂම සේවාවක් බවට පත් කල යුතු වෙනවා.

රාජ්‍ය සේවාවේ විශ්‍රාම ගැන අතුරු අය වැයෙන් ප්‍රතිපත්තියක් ගෙනාවා. ඒ අනූව හැට පැන්න අය දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ගෙදර  යන්න ඕනේ කියලා ජනාධිපතිතුමා උජාරුවට කිව්වා. අපි හිතනවා ඒ තීරණය හොදට හිතලා විද්‍යාත්මකව ගත්ත එකක් වෙන්න ඇති කියලා. රාජ්‍ය සේවාව කාර්යක්ෂම කරන්න අවශ්‍ය සාධක මොනවා හරි සංතෘප්ත.කර ගැනීමේ අදහසින් එහෙම කරන්න ඇති කියලා.

ඒක එහෙම තීරණයක්නම්, ඒ තීරණය වෙනස් කරන එකත් ඒ වගේම සාධක දත්ත සහිතව, විද්‍යාත්මකවම කරන්න වෙනවා. ජනාධිපතිතුමාට බෙහෙත් දෙන දොස්තර.මහත්තයා කිව්වා කියලා හෝ, ඒයාගේ දියවැඩියාව පරීක්ෂාකරන මහත්තයා කිව්වා කියලා හෝ එයාට පිසියෝතෙරපි දෙන එක්කේනා කිව්වා කියලා ඒක වෙනස් වෙන්න බෑ. අපේ අළුත් ජනාධිපතිතුමා එහෙම.නෑ කියලා ගොඩාක් අය කියනවානේ. අනික එයාව පත් කරගෙන තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂව එලවලා නිසා, ඒ ටිකම කරන්න තව එක්කෙනෙක් රටට ඕනේ නෑනේ.

නමුත් අපිට ආරංචි වෙන විදිහනං වෙනස්. පාර්ලිමේන්තුවේ පුරාජේරු කථාව, විමල් අය්යාගේ කෙහෙල් කොලේ බස් හෝල්ට් එක හරියට එන්නත් කලින්, පෞද්ගලික හිත්වත්කම් වලට වෙනස් කරන්න පොරොන්දු වුණා කියලා. ඒවා ආරංචිනේ, තරහට කියනවා වෙන්නත් පුළුවං.

කොහොම වුණත් අපි බලාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කතාව වගේම, කෙරුවාවත් ප්‍රතිපත්තිගරුකද කියලා. සෞඛ්‍ය සේවාවේ විශ්‍රාම වයස යාළුවන්‍ට ඕනේ විදිහට විවිධාංගීකරණය වුණොත් අපි ඒක වෙච්ච හැටි කථා කරමු.

රවි කුමුදේස්