ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි දත්ත වලට අනූව, අවුරුදු දින පැය 24ක කාළය තුල ගිනිකෙලි අනතුරු එකකට සීමා වී තිබෙනවා. අතමිට මුදල් නොගැවසීම ඒකට හේතුවක්නම්, රට බංකොලොත් වීමෙන් පසු පුරවැසියන්ගේ බුද්ධිමත්බව වැඩි වී අතැයි සිතීමට අප කැමතිය. නමුත්, එම සබුද්ද්ධික බව පවත්වා ගැනීමට අන්‍යන්ගේ සතුටට ගරු නොකරන රතිඤ්ඤා සතුට අපි ලබන විදිහ ගැන දැනුවත් වෙන එක වටිනවා.
පොළව දෙදරා යන, ඇස් නිලංකාර කරන කං අඩි දෙදරවන, රතිඤ්ඤා සහ ගිනිකෙලි වලින් අප ලබන සතුට කුමක්ද?
එය සරල සතුටකි. බොළඳ විනෝදයකි. එය හරියටම කියවා ගත්තොත්, "යමක් විනාශ කිරීමෙන්" හෝ "පුපුරවා හැරීමෙන්" අප ලබන සතුටට සමානයි.
එය අපේ ළමා මතකයන් අළුත් කරනවා. රතිඤ්ඤා පත්තු කිරීමට ඔබ යමෙකුගෙන් ඉල්ලා සිටින විට, බොහෝ විට ඔවුන් පසුව ඔවුන්ගේ මතකයන් තුළ පාවෙනවා. නමුත් ළමා කාලයේ ඒ අද්දැකීම වෙනස් විදිහට ලබපු කෙනෙකුට, මිනිස්සු නොවන සතෙකුට ඒ අද්දැකීම සතුටක්ම තමයි කියලා අපිට තීරණය කරන්න බැහැ.
මානව මනෝවිද්‍යාවට අනූව අප ජීවත් වන්නේ ප්‍රීතිය සඳහායි.
ඊට අදාලව මනුෂ්‍ය වර්ගයා ස්වභාවික බිය දෙකකින් පෙළෙනවා. ඉන් එකක්, වැටීමට ඇති බිය සහ අනෙක ඝෝෂාකාරී ශබ්දවලට ඇති බියයි.
මේ බිය වර්ග දෙකම දෙකම පැවැත්මේ සහජ බුද්ධියක් පෙන්නුම් කරන අතර, විශේෂය නොනැසී පැවතීම සඳහා පරිනාමීය පියවරයන් ලෙස වර්ධනය වෙමින් පැවත එනවා.
නමුත් එම බිය දනවන අවස්ථාවන්, එසේ නොවන ආරක්ෂිත පරිසරයක කෘතිමව අත්විඳින විට ප්‍රීතියක් ඇති වෙනවා. බිය ජනනක තත්වයකින් ගැලවීමේ "කෘතිම ජයග්‍රහී තත්වයක්" හැඟෙනවා.
ඔබ සැබවින්ම බියට පත් වූ සෑම විටම ඔබේ ශරීරය ආසන්න අනතුරකට සූදානම් වීමේ මාර්ගයක් ලෙස එන්ඩොර්ෆින් හෝර්මෝනය මුදා හරිනවා. සටන් කිරීමේදී හෝ පළායෑමේදී සිදු වන්නේත් එයමයි.
ගිනිකෙලි භාවිතා කරන පරුසරයේ අපගේ ජීවිත වඩාත් ආරක්ෂිත බැවින්, එම එන්ඩොර්ෆින් කඩිමුඩියේ ලබා ගැනීමට අපි හිතාමතාම මෙම ප්‍රේරක සොයා යනවා.
රතිඤ්ඤාවල ඝෝෂාකාරී හා හදිසි ශබ්ද සමඟින් අපට ක්ෂණික ත්‍රාසයක් ඇති කරයි, ඉන් ලැබෙන වීරත්වය අප නොදැනුවත්වම සොයන්නට පටන් ගන්නවා.
හාස්‍යජනක ත්‍රාසජනක චිත්‍රපට නැරඹීම සඳහා මිනිසුන් මුදල් ගෙවන්නේද එම හේතුව නිසාය. බිය අපව ඉහළට ගෙන යයි. එසේම, වර්ණ සහ ගිනි පුපුරු දෘෂ්‍ය ආකර්ෂණය වැඩි කරයි.
බිය සාධකය සහ තුවාල වීමේ සහජ අනතුර නිසා - අපි රතිඤ්ඤා දකින්නේ අපගේ නිර්භීතකම ප්‍රදර්ශනය කිරීමේ මාර්ගයක් ලෙසයි. බෝම්බය විශාල වන තරමට ඔබ නිර්භීතයි. එය ව්‍යාජ නිර්භීතකම සහ ආධිපත්‍යය ස්ථාපිත කිරීමකින් ලබන ස්වයං වින්දනයකි.
ඒ වගේම, ශබ්දය අපගේ තාර්කික ජීවිතයට බාධා කරනවා. එය, එදිනෙදා, නීරස, සමහර විට අවුල් සහගත ලෞකික තර්කයට බාධා කරවා ගැනීමට මනස පොළඹවනු ලබනවා.
නමුත් මේ සියල්ල තුල අප ප්‍රති නිර්මාණය කරවන්නේ ව්‍යාජ සතුටක්. ව්‍යාජ වීරත්වයක් වගේම ව්‍යාජ අතීතකාමී ආකර්ෂණයක්. එය අනෙකාගේ සතුටට ගරු නොකරන සතුටක්.
තමන් හෝ තම කණ්ඩායම, ආරක්ෂිතව හිඳිමින්, අන් අය අනාරක්ෂිත බව හඟවා ලබන සතුටක්. අප ජීවත් වන විටදී පරිසරයට ගරු කල යුතුය. අප සතුටු වන විටදී අනෙකාගේ සතුටට ගරු කල යුතුය.
ශබ්දය පිළිබද අනාරක්ෂාකරීන්හැඟිමක් තාවකාලිකව ලබන අයටත් වඩා, ඉන් දීර්කාලීන පීඩා විඳින මිනිසුන් මෙන්ම සතුන්ද විශාල ප්‍රමාණයක් අප පරිසරයේ අප සමග ජීවත් වෙති.
ගිනිකෙළි සහ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය, ඒවායේ ප්‍රතික්‍රියා මගින් ගිනි පුපුර, ගිනිදැල් සහ දුම් නිපදවිය හැකි අතර, මිනිස් නොවන සතුන්ට විවිධ හානි සිදු වේ. මේවා බොහෝ විට බලපාන්නේ මිනිසුන්ගේ සහචරයින් වන සතුන්ට සහ ඒවායේ ප්‍රතික්‍රියා අපට පහසුවෙන් දැකගත හැකිය. නාගරික පරිසරයේ සහ ඉන් පිටත අප අවට සිටින අනෙකුත් සතුන්ට මෙන්ම ගොවිපලවල හෝ වෙනත් අවකාශයක සිරවී සිටින සතුන්ටද ගිනිකෙලි භාවිතය හේතුවෙන් විශාල හානි සිදු වෙනවා.
ගිනිකෙලි හේතුවෙන් සතුන්ට ඇතිවන භෞතික සහා රසායනික හානි විශාල ප්‍රමාණයක් තිබෙන අතර, ඊට අමතරව ඔවුනට සිදුවන මානසික හානිය ගනන් බැලිය නොහැකි එකක්.
ගිනිකෙළිවලින් ඇතිවන ශබ්දය නිසා සතුන්ට බියක් සහ ආතතියක් ඇතිකරමින් හානි මානසික හානියක් සිදු කරනවා.
අනපේක්ෂිත ඝෝෂාකාරී ශබ්දවලට නැවත නැවත නිරාවරණය වීම බොහෝ සතුන් තුළ භීතිකාව ඇති කළ හැකි අතර, අනාගතයේ දී අධික ශබ්ද සඳහා භීතිකා ප්‍රතිචාර දක්වන විකෘත්ති සහගත හැසිරීම් රටා ඇති කරවනවා.
මිනිසුන්ගේ සගයන් වන සතුන්ගෙන් පහෙන් එකක් අතුරුදහන් වන්නේ ඉතා අධික ශබ්ද, ප්‍රධාන වශයෙන් ගිනිකෙළි සහ කුණාටු නිසා බව ගණන් බලා තිබෙනවා. සතුන්ට ගිනිකෙළි වලින් සිදුවන බලපෑම අතිවිශාල බව පර්යේශණ මගින් තහවුරු වී තිබෙනවා.
ඒ සියල්ලට වඩා ගිණිකෙලි මගින් සතුටු වන්නට හුරුවන දරුවා, අනුන්නෙගේ සතුටට ගරුනොකරන, ව්‍යාජ කෘතිම වින්දනයක් සදහා හුරු වන්නෙක්නම් ඊට අප වැඩිහිටියන් ලෙස කෙතරම් ප්‍රතිචාර දැක්විය යුතුද යන්න නැවත සිතන්නට වෙනවා.
| රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය