කොවිඩ් ව්‍යසනය මැද ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදෙස්ගතවෙලා

කොවිඩ් ව්‍යසනය මැද ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදෙස්ගතවෙලා

කොව්ඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 80 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ඊයේ (17) කටුනායක ගුවන් තොටුපළෙන් පිටව ගොස් තිබේ.

ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු රැගෙන ඊයේ අලුයම අබුඩාබි බලා පිටත්ව ගිය බවයි වාර්තා වෙන්නේ

එමෙන්ම තවත් ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව ගොස් තිබේ.

මේ අතර මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු ද ඊයේ දිවයිනට පැමිණ තිබේ.

එලෙස පැමිණ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු අබුඩාබි සිටත් කටාර් රාජ්‍යයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු සහ දෝහා සිට පැමිණි 37 දෙනෙකුත්ය.