විදේශයේ සිට තවත් 381 දිවයිනට එයි

විදේශයේ සිට තවත් 381 දිවයිනට එයි

විදේශයන්හි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ තවත් 381 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට ඔවුන් පැමිණි බවයි වාර්තා වෙන්නේ.

ඔවුන් සියලුදෙනාට ගුවන් තොටුපළේ දී සිදුකළ PCR පරීක්ෂණ වලින් අනතුරුව නිරෝධායනය සඳහා මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙත යොමුකර තිබේ.